තරඟ තුනේම ජය දකුණු අප්‍රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0ක් ලෙස පරාජය කරමින් දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය ජය ගැනිමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. ඒ ජොහැන්නස්බර්ග්හි පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන්ද ඉනිමක හා ලකුණු 118ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කකණ්ඩායම සමත්විය. තරගයේ විරයා සම්මානය ජේ.පි. දුමිනිටත්, තරගාවලියේ විරයා සම්මානය ඩීන් එල්ගාර්ටත් හිමිවිය.


දකුණු අප්‍රිකා පළමු ඉනිම - 426/10

ශ්‍රී ලංකා පළමු ඉනිම - 131/10

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම - 177/10