මැදපෙරදිග රටකින් දේශපාලකයකුට අරමුදල් ගලයි

මැදපෙරදිග බලවත් රටක්‌ මෙරට දේශපාලකයකුට සහ ඔහු සම්බන්ධ සංවිධානවලට විශාල ලෙස අරමුදල් සපයන බව අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ ඉඩම් මිලයට ගැනීම සඳහා මෙන්ම ඔහු නියෝජනය කරන ආගමික කණ්‌ඩායමට නිවාස ව්‍යාපෘති ඉදිකිරීම සඳහා එම අරමුදල් ලබාදෙන බව වාර්තා වී තිබේ.එහෙත් එලෙස ලැබෙන අරමුදල් පිළිබඳව ඔහු රජයට කිසිදු තොරතුරක්‌ හෙළි නොකරන බව ද ආරංචි මාර්ග දක්‌වයි.
කීර්ති වර්ණකුලසූරිය