ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා නම්කර ඇත.මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ලොව ප්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසිනි.
පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව ඇත.රවී කරුණානායක මහතා කෙටි කලකදී එවැනි ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබූ බවත් ඒවායින් දිගුකාලීන සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි බව අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.
විශේෂයෙන්ම බදු ආදායම වැඩිකර ගැනීමට, බදු ක්‍රමය සරල කිරීමට සහ බදු ගෙවීම සඳහා ජනතාව පෙළඹවීමට අමාත්‍ය රවී කරුණානායක මහතා ගනු ලැබූ ක්‍රියාමාර්ග ඇගයීමට ලක්ව ඇත.
විදෙස් රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල විශ්වාසය දිනා ගනිමින් සහන ණය සහ ආධාර වැඩි වශයෙන් ලබාගැනීමට ද රවී කරුණානායක මහතා සමත් වූ බව මෙහිදී නිරීක්ෂණය වී තිබේ.
මෙම අධ්‍යයනයට අනුව යුරෝපා කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ලැට්වියා රාජ්‍යයේ ඩනා රිස්නීසියා ඔස්ලෝ නම් කර ඇත.
මැදපෙරදිග කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වන්නේ කුවෙට් හි අනාස් අල් සාලේය. දකුණු අප්‍රිකාවේ ප්‍රවීන් ගොර්දාන් අප්‍රිකානු කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කර තිබේ.