රටවල් 6ක සංක්‍රමණිකයන්ට ඇමරිකාව තහනම්

සිරියාව ඇතුළු මැද පෙරදිග රටවල් හයකින් සංක්‍රමණිකයන් පැමිණීම තහනම් කරන විධායක නියෝගය අත්පත් කිරීමට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

මේ අනුව ඉරාකය ඉරානය ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල සිට සංක්‍රමණිකයන්ට ඇමරිකාවට පැමිණීමට ඉඩ නොදේ.
ඔවුන්ට වීසා බලපත් දීමද තහනම් කිරීමට ට්‍රම්ප් අදහස්‌ කර තිබේ. සංක්‍රමණිකයන්ගේ පැමිණීම සම්බන්ධව තීරණ ගැනීමට ජනාධිපති ට්‍රම්ප්ට බලය ඇති අතර ඒ ගැන අධිකරණය වෙත යා නොහැකිය. ඇමරිකාවේ ආරක්‍ෂාව පතා මෙම පියවර ගන්නා බව ට්‍රම්ප් පවසා ඇත.

ඇමරිකාව ජිනාද් ත්‍රස්‌තයන්ගෙන් ආරක්‍ෂා කළ යුතු අවස්‌ථාව පැමිණ ඇති බව ට්‍රම්ප් පළ කළේය. මේ අතර ඇමරිකානු ස්‌වදේශාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා ලෙස හිටපු හමුදා ජෙනරාල්වරයකු වූ ජෝන් කෙලී පත් කිරීමට ට්‍රම්ප් තීරණය කර තිබේ.