ආණ්ඩුවට අවුරුදු 2යි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව නිර්මාණය කළ යහපාලන රජයට අදට වසර දෙකක් සම්පූර්ණ වෙයි.

2015 ජනවාරි මස 08 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 9දා විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ අතර අග්‍රාමාත්‍ය ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කැරිණි.

රජය පිහිටුවා වසර දෙකක් සපිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ ජාතික උත්සවයක් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. ඒ අතර ජනාධිපති මන්දිරයේදී මහා සංඝරත්නය 1200 නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ. ශ්‍රී.ල.නි.ප. නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 118 වැනි ජන්ම දිනය සැමරීම මෙන්ම යහපාලන ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණවීම මෙම පින්කමේ අරුත බව එහි සංවිධායක මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.