තමිල්නාඩු නව මහඇමැතිත් ශ්‍රී ලංකාවට අත දමයි

තමිල්නාඩුවේ වත්මන් මහ ඇමැති වී.පනීර්සෙල්වම් මහතාද සිය මුල්ම රාජකාරිය ලෙස ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම ආරම්භ කර ඇත. පනීර්සෙල්වම් ඉන්දීය අගමැති මෝදි වෙත හදිසි ලිපියක්‌ යවමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයන් රැසක්‌ අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් මුදාහරින ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙසත් ඉල්ලා තිබේ.

මෙම ධීවරයන් අත්අඩංගුවට පත් වී ඇත්තේ ශ්‍රී ලංකා මුහුදු කලාපය උල්ලංඝනය කරමින් උතුරේ මුහුදු කලාපයේ සිටියදී බව හෙළිවී ඇත.

පසුගිය සතියේ මෙරට මුහුදු කලාපයට පැමිණි ඉන්දීය ධීවරයන් 15 ක්‌ පමණ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.