රුව රැක ගන්න ගුණ දෙන ආහාර

රුව රැක ගන්න
එම සෘෂි නාඩි වාක්‍යයට අනුව රූප සෝභාව පවතින්නේ මිනිසුන්ට පමණක්‌ නොව සතා සිව්පාවාට, පක්‌ෂීන්ට, ජලජ ජීවීන්ට, පණුවන්ට ආදී සකල විධ සියලු සත්ත්වයන්ට උපතින් උරුමවූ රූප සෝභාවක්‌ ඇත. මෙම රූප සෝභාව අනුව එම සත්ත්වයන්ගේ ප්‍රියමනාප බව ඇති වේ.

මිනිසුන් වන අප ද අපගේ රූප සෝභාව ගැන දක්‌වන්නේ විශේෂ සැලකිල්ලකි. එය කාන්තාවන් පිරිමින් කියා බේදයකින් තොරව පවතින්නකි.

වයස අවුරුදු 9 සිට 29 තෙක්‌

කාන්තාවන් සහ පිරිමින්ගේ රූප සෝභාව වයස අවුරුදු 9 සිට 29 තෙක්‌ සෝභාමත්ව බැබළේ. ඒ නිසා මෙම කාලය තුළ රූපය අලංකාර කර ගැනීම සඳහා අනවශ්‍ය ලෙස බාහිර ආලේප වර්ග හෝ ඖෂධ වර්ග භාවිත කළ යුතු නැත.

මෙම වයසේදී පෝෂ්‍යදායී ආහාර පාන ගනිමින් නිරෝගී ජීවිතයක්‌ ගත කිරීම තුළින් තම රූප සෝභාව පවත්වා ගත හැකිය.

එහිදී අල කොළ, තැම්බේරියා කොළ, බිංකරල්, කෝවක්‌කා කොළ, මඤ්ෙÆක්‌කා කොළ, ලුණු විල, වැල්දොඩම් කොළ, බෝංචි දලු, මෑකරල් දලු, ගොටුකොළ, වැල්පෙනෙල, හීං බෝවිටියා, ඇඹරැල්ලා කොළ, කුප්පමේනියා දලු, යන වර්ගවලින් කිහිපයක්‌ මිශ්‍ර කර කලවම් මැල්ලුමක්‌ සකසා ආහාර සමඟ ගැනීමෙන් සමේ පැහැපත් බව රැකගත හැකිය.

වයස අවුරුදු 28 සිට 70 දක්‌වා

අපගේ රූප සෝභාව වැහැරී යන්නට පටන් ගන්නේ වයස අවුරුදු 28 න් පසුය.

එබැවින් එම වැහැරී යන රූප සෝභාව රැක ගැනීම සඳහා සිරුර හොඳින් පිරිසිදුව තබා ගැනීම, ලේ කෝප වන ආහාර වර්ගවලින් ඈත් වීම කළ යුතුයි.

විශේෂයෙන්ම රාත්‍රි ආහාර වේලට බණ්‌ඩක්‌කා, මෑකරල්, මුංඇට වැනි දැ ආහාරයට එක්‌කර නොගත යුතුය.

මඤ්ෙÆක්‌කා අල, වට්‌ටක්‌කා, දියලබු වෑංජන දවල් ආහාරයට එක්‌කර ගැනීම සුදුසුය.

මෙම වෑංජන සැකසීමේදී පිරිසිදු එළඟි තෙලෙන් තෙම්පරාදු කර ගැනීම මීකිරි හැඳි දෙකක්‌ මිශ්‍ර කර ගැනීම ඉතා ගුණදායකය.

සම පැහැපත් කරන අලේපයක්‌

ඇඹුල් පේර දලු, සියඹලා දලු, මුරුංගා කොළ, වැටකොළු දලු, වට්‌ටක්‌කා දලු, කරවිල දලු, මිරිස්‌ දලු සමව ගෙන පිරිසිදු ජලය අවශ්‍ය පරිදි යොදා ලී වංගෙඩියක කොටා ගන්න. ඊට මී පැණි මේස හැඳි දෙකක්‌, අමුක්‌කරා, පිටි මේස හැඳි දෙකක්‌, කස්‌තුරි කහ මේස හැඳි දෙකක්‌, බිත්තර සුදු මදයක්‌, කෝමාරිකා මද මේස හැඳි දෙකක්‌, සැවැන්දරා මුල් පිටි මේස හැඳි දෙකක්‌, කඩල පිටි මේස හැඳි දෙකක්‌ මිශ්‍ර කර හොඳින් තලපයක්‌ සාදා ගන්න.

එය ශරීරය හොඳින් පිරිසිදු කරගෙන මුහුණ, අත් පා ආදියෙහි පහළ සිට ඉහළට ආලේප කරන්න. මෙම අලේපය ගැල්විය යුත්තේ උදැසන 9.00 ට පසු සහ රාත්‍රි 7.00 ට පෙර අතර කාලයේදීය.

එම ආලේපය පැය එකහමාරක්‌ පමණ සම මත තිබෙන්නට හැර පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. ඒ සඳහා සබන් වර්ග භාවිත කිරීමෙන් වැළකිය යුතුය.

සම පැහැපත් කරන පලතුරු සලාදයක්‌

සිරුරේ සම රැලි වැටීම, දුර්වර්ණ වීම, වියළීම වළක්‌වා සම පැහැපත්ව පවත්වා ගැනීම සඳහා දූරියන් මද, අලි ගැටපේර මද, ඉදුණු අඹ මද, රත් කෙසෙල්, බෙලි, කහ පැහැති ඉදුණු ලාවුලු මිශ්‍ර පලතුරු සලාදයක්‌ සාදාගෙන දහවල් ආහාරයෙන් පසු ගැනීම ගුණදායකය.

වෛද්‍යතුමන්ගෙන් වැඩිදුර උපදෙස්‌ ලබා ගැනීම සඳහා දුරකථන අංක 077-6500677 ඇමතිය හැකිය.

මොරටුව අඟුලාන සෘෂිනාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ
වෛද්‍ය මහාචාර්ය
ජිනසිරි ලියන්වෙල
(Lanka Hot News)