චෝදනාවලට මුහුණ දෙන්න මම සූදානම්

අර්ජුන මහේන්ද්‍රන්
විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට තමා පෙරේදා (27 දා) සිංගප්පූරුවට පැමිණි බවත් නැවත ලබන සතියේදී ලංකාවට පැමිණෙන බවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.

මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවෙන් පැන ගිය බවට පළවෙන මාධ්‍ය වාර්තා පිළිබඳව ඒ මහතාගෙන් කළ විමසීමකදී මේ බව පැවැසූ ඔහු ඕනෑම චෝදනාවකට මුහුණ දීමට තමන් සූදානම් බවත් පැවසීය.