ලක්ෂ20ක් ගෙවීමට නියම වූ මේජර් සිදුකළ හෙළිදරව්ව (VIDEO)

අත්අඩංගුවේ සිටිය දී පළායාමට උත්සහ කළ කොටි ත්‍රස්තවාදී සැකකරුවෙකුට වෙඩි තැබීම හේතුවෙන් වන්දි ගෙවන්නැයි අධිකරණයෙන් නියම වූ මේජර් විමල් වික්‍රමගේ මහතා පසුගිය දිනක ඉතා සංවේදී ප්‍රකාශයක් සිදු කළා.

අධිකරණයෙන් නියම වූයේ මෙම කොටි සැකකරු ඝාතනය කිරීමට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙසට යි.

පසුව ඔහු වෙනුවෙන් මුදල් එකතු කිරීමට විශාල ජනකායක් එක් වී අතර මෙම වැඩසටහනට විවිධ සිවිල් ක්‍රියාධරයින් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් ද එක්ව සිටියා.

වැඩසටහන අවසානයේ දී රුපියල් ලක්ෂ 23ක් වැනි මුදලක් එකතු වී අතර පැපිළියාන සුනේත්‍රාදේවී පිරිවෙන් භූමියේ දී මෙම මුදල මේජර් විමල් වික්‍රමගේ මහතා වෙත පිරිනැමීම සිදු වුණා.

ඒ මොහොතේ දී විශ්‍රාමික මේජර්වරයා පිරිස අමතා කතා කළ අතර කොටි ත්‍රස්තවාදී සැකකරුට වෙඩි තැබූ දිනයේ සිදුවූ සියළු දෑ ප්‍රථම වරට එහි දී හෙළි කළා.

එම වීඩියෝව පහතින් > > >