ඉෂාරා සඳමිණි රෝහලේ

පසුගිය සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය වූ ඉෂාරා සඳමිණි තව නොබෝ දිනකින් ආයුර්වේද වෛද්‍යවරියක ලෙස පත්වීම ලබනවා. මේ දිනවල ඇය රෝහල් කිහිපයකම පුහුණුව ලබන බව තමයි ආරංචි වුණේ. මේ හේතුවෙන් ඉෂාරා ඉතාමත් කාර්යබහුල ජීවිතයක්ලු ගත කරන්නෙ. 

මේ කාර්යබහුලකම නිසාම ඇය තමන්ගේ දුරකතනය ගෙදර දාලා යනවා. රෝහලට ගියාම තමයි මතක් වෙන්නෙ ෆෝන් එක ගෙදර කියලා. ඉතින් ඇය ඇගේ සැමියා වන අනුර පතිරණට යාළුවකුගෙ දුරකථනයකින් කතා කරලා ෆෝන් එක ගෙදර කියලා කියනවලු. 

අනේ එවලෙ ඉඳලා ඉෂාරගෙ දුරකථනයට පැමිණෙන සෑම ඇමතුමකටම පිළිතුරු සපයන්නෙ අනුර. අනුර ඉෂාරට ලැබෙන නාට්‍ය ඇරැයුම්, රූගත කිරීම් කරන්න ඕන දින වගේ සේරම දේවල් සෙට්ල් කරනවලු. ඉෂාරා දන්නෙත් නැතුව ඉෂාරා නාට්‍ය බාර අරගෙනලු. ගෙදර ආවම තමයි මේ සේරම ඇය දැනගන්නෙ.