රනිල් - මෛත්‍රී දේශපාලන විවාහය සදාකාලිකයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන විවාහය සදාකාලික බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 70 වැනි සම්මේලනයේදීය.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පවතින දේශපාලන විවාහය සදාකාලික එකක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ කුහකයින්ට ලබාදෙන පණිවිඩය ද එය බවයි.

එම විවාහය දික්කසාද කිරීමට ඔවුන්ට ඉඩ නොතබන බව ද ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ එජාපය රටේ අංක එකේ පක්ෂය කිරීමට තමන් දිවිපරදුවට තබා කළ හැකි සියළු කැපකිරීම් කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ජනතාවගේ සියළු ගැටළුවලට ඉදිරියේදී විසඳුම් ලබාදෙන බවත්ය.