බස් රථ 2ක් ගැටෙයි - 38ක් රෝහලට (VIDEO)

ගාල්ල, මාපලගම ප්‍ර‍ධාන මාර්ගයේ ලබුදූව දක්ෂිනපාය අමාත්‍යංශය ආසන්නයේදී ඊයේ (09) පස්වරු 5.00ට පමණ බස් රථ 02ක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 38 දෙනකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය ප්‍රකාශ කරයි.

ප්‍ර‍තිකාර ලබන අය අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරයි.මෙම අනතුරින් කුඩා ළමුන් කිහිපදෙනකු ද තුවාල ලබා ඇති තිබේ.

මාපලගම සිට ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයක් හා ගාල්ල සිට බෝගහගොඩට ධාවනය වූ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂන මෙහෙයවයි.

වීඩියෝව පහතින්.