
නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (25) පැවැති පැවිදි හඬ සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මේ සඳහා සහභාගි වන භික්ෂූන් වහන්සේලා නුවර, කෑගල්ල, ගම්පහ, මාවනැල්ල යන ප්‍රදේශවල සංවිධානගත වී පාද යාත්‍රාවට එක්වන බව උන්වහන්සේ පැවසූහ.
කිසිම ආණ්ඩුවකට පැවිදි හඬ නිහඬ කිරීමට බැරි බවත් මහජනතාවට ගැටලුවක් වන සෑම අවස්ථාවකදීම ඒ සඳහා තම සංවිධානය මැදිහත් වන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.