රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතීන් සඳහන් කළේ, අද අලුයම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූ බව ය.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 80 කි.

1937 වසරේ අගෝස්තු 30 වැනිදා කොළඹදී උපන් රෝයි ද සිල්වා යන නාමය හෙළ සිනමා ඉතිහාසය තුළ රන් අකුරින් සනිටුහන්ව තිබේ.

ගෑස් මිල පහ­ළට

සිකු­රාදා (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා­ත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලි­න්ඩ­ර­යක මිල රු. 138කින් අඩු කිරී­මට පාරි­භෝ­ගික සේවා අධි­කා­රිය තීර­ණය කර ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක් වන ගෘහස්ථ ගෑස් සිලි­න්ඩ­ර­යක කොළඹ දිස්ත්‍රි­ක්කය තුළ නව මිල වන්නේ රු. 1538කි.

ෙදෙව අංකයට අනුව නව අවුරුදු පලාපල

නව වසරේ අංක විද්‍යාත්මක පලාපලය දැන ගැනීමට පළමුව ඔබේ ෙදෙව අංකය මෙලෙසින් සොයාගන්න. මුලින්ම ඔබ කළ යුත්තේ ඔබේ උපන් වර්ෂය, මාසය හා දිනයට යෙදෙන අංක, තනි අංකයක් බවට පත්වන තුරු එක දිගට එකතු කරගැනීමයි. ඒ සඳහා පහත සඳහන් නිදර්ශනය අනුගමනය කරන්න.

ශ්‍රීලනිප 16 දෙනා ආණ්ඩුවෙන් යති

විපක්ෂයට එක්වීමට තීන්දු කළ ශ්‍රී.ල.නි.ප ජ්‍යොෂ්ඨයන් 16 දෙනා සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ හෝ ජෝන් සෙනවිරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස මැතිසබය විපක්ෂයේ අසුන්ගැනීමට තීන්දු කළ බව එහි ජ්‍යොෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

විපක්ෂයට යන දිනය හා කණ්ඩායම් නායකයා කව්ද යන්න අවුරුදු නිවාඩුවෙන් පසුව රැස්වී තීන්දු කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය. මෙම කණ්ඩායම ඉදිරි කාලයේදී විපක්ෂයේ පක්ෂයක් ලෙස මැතිසබයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

නිළි ඉෂාරා සඳමිණි මව් පදවියට සූදානම්

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ. ඇය විවාහ වුණේ නීතීඥවරයෙක් වගේම රංගන ශිල්පියෙක් වන අනුර පතිරණ සමඟයි. 2015 වසරේ විවාහ වුණු ඉෂාරා දැන් මව් පදවිය ලබන්න සූදානමින් ඉන්නේ.

මව්පදවියට සූදානම් වන ඉෂාරා අනුර සමඟ ඡායාරූප කිහිපයක් ගෙන තිබුණේ මෙලෙසින්.

සිංහල අලුත් අවුරුදු නැකත්

පරණ අවුරුද්ද සඳහා ස්නානය :-

බන්දු සහ ටෙනී අවුරුදු 10කට පස්සේ එකම චිත්‍රපටයක

බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ කියන අති දක්ෂ විකට නළුවන් දෙදෙනා එකට රඟපාන චිත්‍රපටයක් මෑතකදී දකින්නට ලැබුණේ නැහැ. ඔවුන් දෙදෙනා එකට රඟපාන්නේ නැත්තේ හිත් අමනාපකම් නිසා කියලයි සමහරු කිව්වේ. ටෙනිසන් කුරේ සහ බන්දු සමරසිංහ අවුරුදු දහයකට පසුව ආයෙමත් එකට රඟපාන්නේ 'අයිබා ෆිල්ම්ස්' නිෂ්පාදනය කරන, සජීව සංකල්ප කියන තරුණ අධ්‍යක්ෂවරයාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන 'යම රජ සිරි' චිත්‍රපටයේයි.

විමල්ගේ දියණිය විමාශාට A-9 යි

ඊයේ නිකුත්වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව ඇතැයි විමල්ට අයත් වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.කොළඹ විශාඛා විද්‍යාලයේ ඇය ඉගෙනුම ලබමින් සිටින්නීය.

මෙවර කම්කරු දිනය කල්දමයි

මැයි මස 07 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මැයි මස පළමු වන දිනට යෙදී ඇති රජයේ නිවාඩු දිනය අවලංගු කර තිබෙනවා.

මෙවර ලෝක කම්කරු දිනය සමඟ යෙදී තිබෙන වෙසක් සතිය සැලකිල්ලට ගනිමින් මැයි 01 වනදා පෙළපාලි සහ රැස්වීම් මැයි 07 වන දිනට කල් දැමීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ජනාධිපතිවරයා සඳහන් කළා.

අප්‍රේල් 01 දා සිට නව බදු තුනක් ක්‍රියාත්මකයි

මෙවර සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබ වසරක් වේවා කියා ප්‍රාර්ථනා කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (27දා) පැවසීය.

අවුරුදු ප්‍රීතිය සමග ඛනිජ තෙල්,පොහොර,ගෑස්,රසායනික ද්‍රව්‍ය මිල වැඩිවීමට නියමිත බවත්, ඉන් පසුව ජනතාවට විශාල පීඩනයකින් යුතුව ජීවත්වීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.