අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම හෝ පරාජය කිරීම ස`දහා තීරණාත්මක සාධකය බවට පත්ව ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දහසය දෙනාගේ ඡන්දය බව එක්‌සත් ජාතික පක්‌ෂයේ සහ ඒකාබද්ධ විපක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් ප්‍රකාශ කළහ.
මේ නිසා එක්‌සත් ජාතික පක්‌ෂය අගමැතිවරයාට පක්‌ෂව ඡන්දය ලබා ගැනීම ස`දහා ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සාකච්ඡා ආරම්භ කර ඇත. ඒaකාබද්ධ විපක්‍ෂයේ පිරිසක්‌ද ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සාකච්ඡා අරඹා ඇති අතර, ද්‍රවිඩ සන්ධානය විශ්වාසභංග යෝජනාවට පක්‌ෂව හෝ විපක්‌ෂව ඡන්දය දීමෙන් වළක්‌වාලීමේ පසුබිම ඒකාබද්ධ විපක්‌ෂය විසින් සකසමින් සිටින බව ඉහත ප්‍රකාශකයා කීවේය.