සබීතාගේ සැමියගේ කුලිය ගෙවන්න කිරිඇල්ලගෙන් ඇස්තමේන්තුවක්

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුලියට ගත්තත් මෙතෙක් පාවිච්චියට නොගත් රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා වන රුපියල් 6,60,40,000 ක මුදලක් ලබාගැනීම සඳහාවන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

වරද පිළිගත් සජින් ද වාස්ට 1000ක දඩයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට රුපියල් 1000ක දඩයක් නියම කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් අද (07) දින මෙම නියෝගය ලබා දී ඇත.

යන්න ලෑස්තිවූ ක්‍රීඩකයින් නවතා දයාසිරි ගේම අතට ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් සංචාරයකට සහභාගි වීමට නියමිතව සිටි කණ්ඩායමක් ගුවන්ගත වීමට මොහොතකට පෙර අවලංගු කොට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නැවත කැඳවීමක් පෙරේදා (4දා) රාත්‍රියේ වාර්තා විය. එයට හේතුව වූයේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පූර්ව අනුමැතියක් නොමැතිව කණ්ඩායම පිටත්ව යෑමයි.

මෙම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්වූ අතර
ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සමඟ ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් ඊයේ සවස විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීය. ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන විධායක නිලධාරි අෑෂ්ලි ද සිල්වා ඇතුළු ක්‍රිකට් ආයතන නිලධාරීන් සහභාගි වූ මෙම රැස්වීමේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ මින් පසුව නියමිත වේලාවට පසුව එවන කිසිදු ක්‍රිකට් කණ්ඩායමකට අනුමැතිය ලබා නොදෙන බවත් පෙරේදා රාත්‍රියේ ක්‍රීඩකයන්ගේ ගුවන් ගමන් නතර කිරීමෙන් ගෙවීමට සිදුවන මුදල ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු නිලධාරියකුගෙන් අයකර ගන්නා ලෙසයි.

රාජපක්ෂලාගේ සියලු දූෂණ හෙළිකරන 'බඩු' තියනවලු (VIDEO)

ජාතික නිදහස් පෙරමුණේ හිටපු සාමාජික, හිටපු පා.ම ජයන්ත විජේසේකර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තිබේ.

ඔහු පසුගියදා පැවති ජනහමුවකදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සහ පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින හොර කල්ලියේ දූෂණ වංචා සම්බන්ධ ‘බඩු‘ තමා සතු බවත් ඒවා ඉදිරියේදී හෙළි කරන බවත් කියා තිබුනේ පහත වීඩියොවෙ පරිදිය.

විමල්ගේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම උග්‍ර වෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව සමග එක්විය නොහැකිය යන ස්ථාවරය දැරීමත්,ජා.නි.පෙ ප්‍රධාන තනතුරු දරන කිහිපදෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතුය යන ස්ථාවරයේ සිටීමත් හේතුවෙන් එම පක්ෂය අභ්‍යන්තරයේ මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

පසුගිය කාලය පුරා එක් ස්ථාවරයකට එළඹීමට පක්ෂයේ නායකයන් උත්සාහ කළද එය ව්‍යවර්ථ වී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම පක්ෂයේ කිහිප දෙනෙකු පක්ෂය හැරයෑමට තීරණය කර තිබේ.

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි

පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර අද(29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන ඇත.
දළ පූට්ටුවා සෙවීම සඳහා පොලිසියේ හා වනජීවී නිලධාරීන් 95ක් පමණ එක්ව සතියකට ආසන්න කාලයක සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි.

විශ්ව රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටියානා අවසන් 16ට

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකාව නියෝජනය කරළ ක්‍රිස්ටියනා පීරිස් සමත්වූවාය. එම තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී ඊයේ (26දා) රාත්‍රියේ නිමාවට පත්විය.

සුජීවට මොකක් වේද? ජනපති - අගමැති හමුවක්

නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකළ විවේචනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් සති අන්තයේ පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු සංචාරය නිමවී පෙරළා දිවයිනට පැමිණීමෙන් පසුව මෙම සාකච්ඡාව සිදුකිරීමට නියමිතව ඇතැයි කියැවේ.

කොළඹ අවට ප්‍රදේශ රැසකට හෙට 25 ජල සැපයුම නෑ

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට හෙට (25දා) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට ජල සැපයුම මෙසේ අත්හිටුවීමට නියමිතය.

හිරුණිකාගේ ආධාරකරුවන් 6කට අත්හිටවූ සිර දඬුවම්

2015 දෙසැම්බර් 21 දින ඩිෆෙන්ඩරයකින් පැමිණ දෙමටගොඩදී තරුණයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිලිගත් පුද්ගලයන් හය දෙනෙකුට අද දිනයේ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර දෙ බැගින් සිර දඬුවම් පනවා වසර 12 කට අත්හිටුවා තිබේ.

මෙසේ දඬුවම් නියම කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ අධාරකරුවන් පිරිසකටයි.