ඒ සිහින දැන් කඬා වැටිලා

තමන් ඇතුළු පිරිස විසින් සිදු කල දේශපාලන පරිවර්තනයෙන් රටට කිසිම වැඩක් වන බවක් පෙනෙන්නට නැති බවත් තිබූ සිහින බලාපොරොත්තු සියල්ලම කඩා වැටී ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙවන් තත්වයක් යටතේ තව දුරටත් ජීවත් වීමේ කිසිම ප‍්‍රතිඵලයක් නැතැයි සිතෙන බවයි.

හෙට සුනාමියක් නෑ

හෙට සුනාමියක් එනවලු නේද? මේ දවස්වල ආයෙත් ඔන්න ඔය කතාව රටේ තොටේ අපේ බුකියේ ලොකුවට පත්තු වෙලා තියෙන කතාවක්. මිට අවුරුදු 13කට කලින් අපේ රටට සුනාමි කියන නුහුරු නුපුරු වච්චනය ජීවිත දස දහස් ගානක් වගේම දේපලවලට කරපු විනාශය අතිමහත්.

කොහොම හරි ජුනි මස අට වන (08) දින එනම් හෙට සුනාමි අනතුරක් ඇති වන බවට පැතිරී යන අනාවැකියක් සහ කටකතාවක් සම්බන්ධව තොරතුරු ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නායකත්වය මාලිංගට?

ශූරයන්ගේ කුසලානයේ තරඟයක් එළඹෙන 8 වන දින ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පිළිඳව ඉතා ප්‍රශ්නකාරී ස්වභාවයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ පසුගිය තරඟයේදී මන්දගාමී පන්දුවාර යැවීම හේතුව මත ඉදිරි තරඟ දෙක උපුල් තරංගට හට අහිමි වීම හේතුවෙනි.

රටේ ඛනිජ නිධි ඈවරයි

මෙරට වටිනාම ඛනිජ වැලි නිධිය අයත් පුල්මුඩේ ඛනිජ වැලි සමාගම හා රටේ තවත් ප්‍රධාන ඛනිජ නිධි ඉන්දියානු සමාගමකට විකිණීම සඳහා රජය පිඹුරුපත් සකසමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  පැවසීය.

එහිදී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සදහන් කළේ පුල්මුඩේ ඛනිජ වැලි නිධිය අදාළ ඉන්දියානු සමාගමට ලබා දීමේදී කිසිදු මුදලක් අය නොකෙරෙන බවත්, නිෂ්පාදන ආදායමෙන් කොටසක් පමණක් ආණ්ඩුවට ලබාදීමට එම සමාගම එකඟතාව පළකර ඇති බවත්ය.

අනුර සේනානායක වසරකට පසු ගෙදර යයි

රගර් ක්‍රීඩක මොහොමඩ් වෂීම් තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් රක්‌ෂිත බන්ධනාගාරගත කර සිට මහාධිකරණයෙන් ඇප නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායකගේ ඇපකරුවන් පිළිගත් කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා ඔහු ඊයේ (05 දා) ඇප මත මුදාහරිනු ලැබුවේය.

සැකකාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට මහාධිකරණයෙන් නියම කළ ඇප නියෝගය කියවා දීමෙන් පසු ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඔහුගේ පුත් අනුරුද්ධ සේනානායක, සොහොයුරු උපාලි සේනානායක හා තවත් ඥතියකු පිළිගත් මහෙස්‌ත්‍රාත්වරයා අධිකරණ භාරයට පත් කළ සැකකරුගේ විදෙස්‌ ගමන් බලපත්‍රය සුරක්‌ෂිතව තබන ලෙසට ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

රටවල් හයක්‌ කටාර් අත්හරී

අයි එස්‌ ත්‍රස්‌තවාදී සංවිධානය හා ඔවුන්ගේ යෝජිත ඉස්‌ලාමීය රාජ්‍යය සඳහා උදව් උපකාර ලබා දෙන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දැමීමට ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල් හයක්‌ ඊයේ (05 දා) තීරණය කළේය.

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්‌ලක්‌ෂ විසිපන් දහසක්‌ පමණ රැකියාවල නිරතවී සිටිති.

ස්‌වාමියාගේ සොහොන ළඟ සුනඛයා සති දෙකක්‌ හාමතේ

බඹරුන් පහර දෙද්දී මියගිය සිය ස්‌වාමියා අතහැර නොගිය සුනඛයා සති දෙකකට ආසන්න කාලයක්‌ සොහොන ළඟ රැඳී සිටියදී කොළඹ සිට ගම්පොළ පුපුරැස්‌ස ප්‍රදේශයට පැමිණි සුනඛ ආරක්‌ෂක සංගමයේ සාමාජිකයන් විසින් එම සුනඛයාගේ සුබසිද්ධිය වෙනුවෙන් කොළඹට රැගෙන එන ලදී.

ගම්පොළ පුපුරැස්‌ස ලෙවලන්වත්ත මානිකට්‌ටුව ප්‍රදේශයේ මියගිය 79 හැවිරිදි අයකුගේ අවසන් කටයුතු සිදු කිරීමට සොහොන වෙත රැගෙන යමින් සිටියදී අතරමග බඹර ප්‍රහාරයක්‌ එල්ල වීම නිසා දේහය සහිත පෙට්‌ටිය බිම දමා බඹරුන්ගෙන් බේරීම සඳහා අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වූ පිරිස සීසී කඩ දිව ගිය ද මෙම සුනඛයා එම දෙන සහිත පෙට්‌ටිය තනි නොකර බඹර ප්‍රහාර එල්ල වෙත්දීත් පිරිස යළි පැමිණෙන තුරු පැය 2 ක්‌ පමණ එහිම රැඳී දේහයට රැකවරණය ලබා දී තිබේ.

කොළඹ පාතාලය යළි ඇවිළෙයි

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කොළඹ පාතාල කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස "කුඩු රොෂාන්ගේ" සමීපතම ගෝලයකු වූ ගයාන් ජීවන්ත නොහොත් "ඉසුරු" නමැත්තා මට්ටක්කුලිය, ජුබිලි මාවතේදී ඊයේ (05දා) වෙඩි තබා ඝාතනය කර තිබේ.

විසිහතර හැවිරිදි වියෙහි පසුවන ඔහු බිරිය සහ දරුවා සමඟ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බවද පොලිසිය පවසයි.

නිවාසවලට ළඟදීම නළ ඔස්‌සේ ගෑස්‌

ශ්‍රී ලංකාවේ නිවෙස්‌වලට නළ මාර්ග ඔස්‌සේ ගෑස්‌ සැපයීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ පෙට්‌ට්‍රොaනෙට්‌ ගෑස්‌ නිෂ්පාදන සමාගම තීරණය කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.නළ මාර්ගයෙන් ගෑස්‌ සපයන මෙරට පළමු පරිසර හිතකාමී ව්‍යාපෘතිය මෙය වනු ඇතැයි ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෛත්‍රී - මහින්ද මුහුණට මුහුණ හමුවක්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පවතින අර්බුදය නිරාකරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර මුහුණට මුහුණ සාකච්ඡාවකට යොමු කිරීමට දෙපාර්ශවයේ මන්ත්‍රී කණ්‌ඩායම් දෙකක්‌ යළිත් සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම මන්ත්‍රී කණ්‌ඩායම් දෙක අවස්‌ථා කිහිපයකදී හමුවී සාකච්ඡා කර ඇති අතර ඔවුන් පසුව පක්‍ෂ ප්‍රධානීන්ද හමු වී ඇතැයි වාර්තා වෙයි.