බැසිල්ට තිරුකුමාර්ට අධිචෝදනා

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ හා තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා තමන්ට අයිති නැති බව පවසන මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්‌කර දහසයක ඉඩම සහිත සුඛෝපභෝගී දෙමහල් නවීන පන්නයේ නිවෙස සම්බන්ධව එම දෙදෙනාට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙන හෙයින් නොතිසි නිකුත් කරන දිනයට මහාධිකරණයේ පෙනී සිටින ලෙස එම වගඋත්තරකරුවන්ට පූගොඩ මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඊයේ (25 වැනිදා) නියෝග කළාය.

ජේතවන දාගැබේ කුණු පුරවන්නැයි සමනලී කියයි

ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ ෆේස්බුක් ගිණුමද උපුටා දක්වමින් එම පක්‍සය විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

පියා නිසා පුතා ඇමති තනතුර අත්හරියි

මධ්‍යම පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සිය පියා එනම් දඹුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සංවිධායක මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමිනි.

දිල්ෂාන් අධිකරණයට භාරවෙයි

තමාට අද අධිකරණයට භාරවීමට හේතුව තම නීතිඥවරයා නඩු දිනය නිවැරදිව සටහන් කර නොගැනීම නිසා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.ඩිල්ෂාන් අද නීතීඥයෙකු මගින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාර වුණා.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනි නොසිටිම හේතුවෙනුයි මහෙස්ත්‍රාත්වරයා වගඋත්තරකාර ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න ඩිල්ෂාන්ට ඊයේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.

පූජිත් පොලිසිය නිල්පාට කරන්න යයි

පොලිස් නිල ඇඳුම නිල් වර්ණ ගැන්වීමේ බලාපොරොත්තුවක් පවතින බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.කටුමැටි ගසා තනා තිබූ නිවෙසක් වර්ෂාවට හසුව කැඩී යෑම හා සැමියාගේ මරණය නිසා අවතැන් වූ මවකට සහ ඇගේ දියණිය වෙනුවෙන් ඇල්ල ප්‍රජා පොලිස් ඒකකය විසින් ඉදිකළ නව නිවෙසක් ඔවුන්ට භාරදීමේ උත්සවයකට එක් වෙමින් පොලිස්පතිවරයා මේ බව පවසා තිබේ. බොහෝ රටවල මෙන්ම ජාත්‍යන්තර පොලිසියේ වර්ණය ලෙසද තද නිල් පැහැය භාවිත කරන බවද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙහිදී පවසා ඇත.

පොලිස් නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමීක්ෂණයක්ද පොලිස් මූලස්ථානය විසින් සිදු කරනු ලැබීය.

වැඩි කලක් ජීවත්වන්න බයිසිකල් පදින්න

පිළිකා සහ හෘද රෝග අවදානම දුරු කිරීම සඳහා සහ වැඩිකාලයක් ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා පාපැදි පැදීම හේතුවන බව ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සොයාගෙන තිබේ.

පාපැදි පැදීම මඟින් පිළිකා සහ හෘද රෝග අවදානම සියයට හතළිස් නවයකින් අඩුවන බව එම පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

ඩිව්, හඳුන්, හර්ෂ, බැඳුම්කර කොමිසම හමුවට

බැඳුම්කර සිද්ධිය විභාග කළ පළමු කෝප් සභාපති ඩ්ව් ගුණසේකර සහ වර්තමාන කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නියමිතය.

මේ අනුව අද (24) දින ප.ව. 1.00 ට ඩිව් ගුණසේකර මහතා මුලින්ම බැඳුම්කර කොමිසම හමුවට කැඳවා තිබෙන අතර හෙට (25දා) දින කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ද බැඳුම්කර ජනාධිපති කොමිසම වෙත කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.

උද්ධමනය 8.6% ක්‌ දක්‌වා ඉහළ නගී

ඉකුත් මාර්තු මාසයේ උද්ධමනය සියයට 8.6ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ .

පෙබරවාරි මාසයේ උද්ධමනය 8.2%ක්‌ විය. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්‌ෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර තිබේ.

වර්ෂ 2016 සැළකූවිට මාර්තු මාසයේ මිල ගණන් අවම මට්‌ටමක පැවතීම, 2017 මාර්තු මාසයේ උද්ධමනයේ වැඩිවීමට ප්‍රධාන හේතුවක්‌ විය. 2017 මාර්තු මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්‌ඩයේ 4.9% කින් හා ආහාර නොවන කාණ්‌ඩයේ 3.8% කින් දායක වී ඇත.

ඉරාජ්ගේ “වස්සානේ හීනේ“ ගීතය කොපියක් බව හෙලි වෙයි

ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා පිටකරන ලද නවතම මියුසික් වීඩියෝව මේ වන විට ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත්වෙලා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙවැනි ආන්දෝලාත්මක වීඩියෝවක් Youtube චැනලයේ පැය 24ක් ඇතුළත #1 on Trending වීම පුදුමයට කරැණක් නම් නෙමෙයි.

හෙට (24) පෙට්‍රල් ෂෙඩ් වර්ජනයක් ?

අද මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹීමට නියමිත බව පැවසෙන ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවක වැඩ වර්ජනයක් නිසා හෙට සිට දිවයින පුරා ඉන්ධන හිඟයක් ඇති විය හැකි බව පැතිර යන ආරංචි මුල් කොට අද පස්වරුවේ සිට දිවයිනේ ඇතැම් නාගරික ඉන්ධන පිරවුම්හල් වල තරමක රථවාහන පෝලීම් දැකිය හැකි බව වාර්තා වේ.