සා.පෙළ ප්‍රතිඵල අනිද්දා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (28 වැනිදා) නිකුත් කෙරේ.

මෙම විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවෝ හත් ලක්‌ෂයකට ආසන්න පිරිසක්‌ පෙනී සිටියහ.

ශ්‍රී ලංකාවට ලකුණු 90 ක පරාජයක්

සංචාරක බංග්ලාදේශය සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 90 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදු විය. ලකුණු 325 ක ජයග්‍රාහී ඉලක්කයක් හමා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් සියළුම දෙනා පන්දුවාර 45.1 කදී දවා ලීමට බංග්ලදේශ පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස තිසර පෙර්රා ලකුණු 55 කට දැවී ගියේය. ලක්ෂාන් සඳකැන් ලකුණු 3 කට හා සුරංග ලක්මාල් ලකුණු 8 කට දැවී ගියේය.

රජිනි කාන්ත්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි

ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

අද(25) දහවල් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ලබන අප්‍රේල් මස 09 සහ 10 යන දෙදින තුළ රැජිනි කාන්ත් මෙරට සංචාරය කිරීමට නියමිතව තිබුණි.

ඒ යාපනය සහ වව්නියාව ප්‍රදේශවලදී සංවිධානය කර තිබූ නිවාස බෙදාදීමේ උත්සවයක් සඳහාය.

ලංකාවේ පළමු ස්මාර්ට් බස් නැවතුම Photos

ලංකාවේ අවුරුද්දකට කුකුළන් කෝටි 13ක් මරා දමනවා

ශ්‍රී ලංකාවාසීන්ගේ ආහාරය සඳහා මස් ලබා ගනු පිණිස වසරකදී කුකුළන් දහතුන් කෝටි විසි ලක්ෂයක් ඝාතනය කෙරේ.කුකුළන්ට අමතරව ගවයන් එක්ලක්ෂ හැටහත් දහසක්ද එළුවන් පනස් දහසක්ද මස් පිණිස ඝාතනය කෙරේ.
ශ්‍රී ලංකාවේ මස් පිණිස මරා දමන එම සතුනට අතිරේක වශයෙන් 2016 වසරේදී එළු මස් මෙටි්‍රක්ටොන් 297ක්, බැටළු මස් මෙ.ටො. 131ක් හා හරක් මස් මෙ.ටො. 85ක් විදේශ රටවලින් ආනයනය කරයි. ශ්‍රී ලංකාවට මස් ආනයනය කරන ප්‍රධාන රටවල් දෙක ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයයි.

රවිගෙන් අලුත් වැට් බද්දක්

නව වැට් බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අප්‍රේල් 1 වැනිදා සිට නව වැට් බද්ද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව පසුගිය අඟහරුවාදා (21දා) කැබිනට් මණ්ඩලය වෙත යොමු කොට තිබේ.

විල්පත්තුව අවට රක්ෂිත හයක් තනි රක්ෂිතයක් වෙයි

විල්පත්තු වන උද්‍යානයට උතුරින් පිහිට රක්ෂිත හයක් වන මාවිල්ලු, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තුකුලම් හා පෙරියමඩු යන රක්ෂිත සියල්ල එක් කොට මාවිල්ලු රක්ෂිතය ලෙස නම් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඒ සඳහා වන ගැසට් නිවේදනයට ජනපතිවරයා රුසියාවේ සිට ඊයේ (24දා) අත්සන් තැබිය.

විරැකියාව සියයට 4 දක්වා අඩුවෙයි

ශ්‍රී ලංකාවේ වර්තමාන විරැකියා ප්‍රතිශතය 4% දක්වා අඩු වී ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එක් දහස් නවසිය අසූ හත- අසූ නවය වසර වල ශ්‍රී ලංකාවේ විරැකියා ප්‍රතිශතය වූ 33% මේ වන විට 4% දක්වා පහළ ගොස් තිබීම සතුටට කරුණක් බවත් පවසන ඇමතිවරයා මෙම රැකියා විරහිත පිරිසට ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වී ජීවිතයට වටිනාකමක් මෙන්ම ආදායම් මාර්ගයක් විවර කර ගෙන අනාගතය සරු කර ගැනීමට එකතු වන ලෙසද ආරාධනා කරයි.

බන්ධනාගාරයට වෙඩි නොවදින බස්‌ රථයක්‌

බන්ධනාගාරගතවන දරුණු අපරාධකරුවන් සහ පාතාල සාමාජිකයන් රැගෙන යැම සඳහා අවශ්‍ය කරනු ලබන ආරක්‍ෂිත වෙඩි නොවදින බස්‌ රථයක්‌ නිර්මාණය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම්. ස්‌වාමිනාදන් මහතාගේ උපදෙස්‌ පරිදි බන්ධනාගාර කොමසාරිස්‌ ජෙනරාල් නිශාන් ධනසිංහ මහතාගේ මඟපෙන්වීම මත කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරි ආර්. ඩබ්. ඩබ්. යූ. ඩී. ඒ. සම්ප්‍රයෝ මහතාගේ නිර්මාණ සංකල්aපයකට අනුව බන්ධනාගාර භාවිතයේ තිබූ බස්‌ රථයක්‌ නවීන තාක්‍ෂණය භාවිත කරමින් වෙඩි නොවදින ආරක්‍ෂිත බස්‌ රථයක්‌ බවට නිර්මාණය කර තිබේ.

යුද හමුදාවේ තිදෙනකු රිමාන්ඩ්

පානීය ජලය ඉල්ලා රතුපස්‌වල ඇතුළු අවට ප්‍රදේශවල ජනතාව වැලිවේරිය නගරයේදී කළ උද්ඝෝෂණයට යුද හමුදාව එල්ල කළ වෙඩි පහරින් තිදෙනකු ඝාතනය වීමත් තවත් පිරිසක්‌ ඝාතනය කිරීමට තැත් කිරීමත් යන චෝදනා යටතේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (24 දා) සවස ගම්පහ අධිකරණයට ඉදිරිපත් කෙරුන යුද හමුදා සාමාජිකයන් තිදෙනකු ලබන අප්‍රෙල් මස 03 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ වැඩබලන මහෙස්‌ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය නියම කළාය.

යුද හමුදා සේවා බළකායේ මාණ්‌ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන සහ පාබල හමුදාවේ කෝප්‍රල්වරුන් වන ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ ලලිත් ගේ්‍ර යන සැකකරුවන් තිදෙනාව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.