අමුතු ආරේ පිළිම 11 ක්‌ මුහුදෙන් මතු වේ

මහ මුහුදේ ගෝනියක දමා පාවෙමින් තිබූ අමුතු ආරක පිළිම එකොළහක්‌ (11) පෙරේදා (22 දා) ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයකුට හමුවී තිබේ.

අහුන්ගල්ලේ පදිංචි එම ධීවර කාර්මිකයා එම පිළිම වහන්සේලා එකොළොස්‌ නම අහුන්ගල්ල පුරාණ ක්‍ෂෙත්‍රාරාමාධිපති, බළපිටිය විහාරාධිපති සංගමයේ ලේකම් ආපොළ මංගල හිමියන් වෙත එම විහාරස්‌ථානයට පැමිණ භාරදී තිබේ.

විමල් ස්‌වාධීන වුණත් පක්‍ෂ නායක හිමිකම් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන වුවද ඔහුට පක්‍ෂ නායකයකුට හිමි වරප්‍රසාද ලැබෙන්නේ නැතැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ (23දා) පැවසීය.

ඔහු පාර්ලිමේන්තුවට පත්වී සිටින්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සම්බන්ධ පක්‍ෂයකින් නොවන බවත් සාමාන්‍ය අපේක්‌ෂකයකු ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ ඉදිරිපත් වීමෙන් බවත් ඇමැතිවරයා කියා සිටියේ ඊයේ (23දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

කාලෝ ෆෝන්සේකා රෝහල් ගත කෙරේ

මහාචාර්ය කාලෝ ෆෝන්සේකාහදිසියේ රෝහල් ගත කෙරේ හදිසි අසනීප තත්වයක් මතුවීම නිසා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා බ්‍රහස්පතින්දා 23 රාත්‍රියේ රෝහල් ගත කර තිබේ.

පසුගිය දින කිහිපයේසයිටම් අර්බුදය සම්බන්ධයෙන්
විශාල ලෙස කථාබහට ලක්වූ ඔහු ඇතැමුන්ගේ විවේචනයන්ටද බඳුන්ව සිටියේය. SLMC (වෛද්‍ය සභාවේ) සභාපති ලෙස කටයුතු කළ ඔහු සයිටම් අනුමත නොකළ අතර ඒ වෙනුවෙන් පසුගිය දිනවල කටයුතු කර වෙහෙසට පත්ව සිටියේය.

කාන්තා යෝනි ශ්‍රාවයෙන් බියර් - Video

Bottled Instinct: Vaginal Beer

ලොවක් මවිත කළ චීනයේ වේල්ලේ වීඩියෝව

චන්ද්‍රිකාගේ ප්‍රකාශය හෙළා දැකිය යුතුයි

යුද්ධය හේතුවෙන් උතු‍රේ වැන්දඹු තත්ත්වයට පත් වූ කාන්තාවන් ශ්‍රී ලංකා යුද හමුදාවද ඇතුළු පිරිස් විසින් ලිංගික සූරා කෑමකට ලක් කරමින් සිටින බවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් පසුගිය සතියේදී විදෙස් ජනමාධ්‍යවේදීන් අමතමින් කළ ප්‍රකාශය ප්‍රසිද්ධියේ හෙළා දැකිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ හිටපු ජනාධිපතිනියක හා සේනාධිනායකයෙකු මෙවන් ප්‍රකාශයක් කළ විට එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ වත්මන් ජනාධිපතිවරයා හා සේනාධිනායකයා බව ඒ මහතා පෙන්වා දී තිබේ.

සිදූ පොඩි සාදු සම්මානයට පාත්‍රවෙයි

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය 4 වැනි වරටත් සංවිධානය කරන ලද ශිෂ්‍ය සන්නාම සම්මාන 2016 සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැත්වුණි.

ජනප්‍රිය රංගන ශිල්පී රුවන් වික්‍රමසිංහගේ විවාහය

ජනප්‍රිය රංගන ශිල්පී රුවන් වික්‍රමසිංහගේ විවාහ උත්සවය අද පැවැත්වුණා. විවාහ උත්සවයේ පෝරුව චාරිත්‍ර අද උදෑසන පැවැත්වුණේ ගංඟාරාමයේදී. එහි ඡායාරූප කිහිපයක් පහතින්...
Ruwan Wickramasinghe wedding

පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක් සොයා ගනී (Video)

පෘථිවියට සමාන ග්‍රහලෝක හතක් නාසා ආයතනය විසින් සොයාගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ග්‍රහලෝක 7 ම සමාන්තරව එක් තරුවක් වටා භ්‍රමණය වීමද විශේෂත්වයක් බවයි. මීට පෙරද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන තිබුණද එකවර ග්‍රහලෝක 7 ක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.

කොටි තොප්පියක් එංගලන්තෙට යවන්න හැදූ 3ක් අල්ලයි

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නිල ලාංඡනය සහිත හිස් වැසුමක් ගුවන් තැපෑල මඟින් මෙරට සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට යැවීමට උත්සාහ කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි අංශ සාමාජිකයකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ලබන මාර්තු 1දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ (22දා) නියෝග කළාය.