පකිස්ථාන ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

පකිස්ථාන ගුවන් සේවයට අයත් PK-661 දරණ ගුවන් යානයක් මීට ස්වල්ප මොහොතකට පෙර අනතුරකට ලක් වී තිබේ.

ඒ අවස්ථාවේදී එහි මගීන් 47කට අධික සංඛාවක් ගමන් කරමින් සිට ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

අදාළ ගුවන් යානය චිත්‍රාල් සිට ස්ලාමාබාද් බලා පියාසර කරමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බව එරට පොලීසිය විසින් රොයිටර් පුවත් සේවයට වාර්තා කර ඇති බව සඳහන්ය.

Facebook ගිණුමේ පූජා උමාශංකර් මියගිහින්


පූජා ගෞතමී උමාශංකර්, මේවනවිට බොහෝ දෙනෙක් දන්නා ලාංකික සම්භවයක් සහිත ඉන්දීය නිළියක්නේ.ඉතින් පුජාට නොසිතූ කරදරයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා කියලා අපිට ආරංචිවුණා.

කරුණාට අැප

රුපියල් අට කෝටියක් වටිනා වෙඩි නොවදින රථයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු විනයාගමූර්ත් මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් දැඩි අැප කොන්දේසි මත මුදා හැර තිබෙනවා.

රුපියල් දස ලක්ෂයක මුදල් අැපයක් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අැප හතරක් මත නිදහස් කෙරුණු කරුණා අම්මාන් හට විදෙස් ගමන් තහනම් කර තිබේ.

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ අද (07) අලුයම් කාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.සුමාත්‍රාවේ - අචේ ප්‍රාන්තයට ඔබ්බෙන් සිදුව ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණය අනුව 6.4 ක්.

භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබදව මෙතෙක් වැඩිදුර තොරතුරු ලැබී නොමැති නමුත්, එහි ජනයා කලබලයට පත්වූ බවත්, නිවාස රැසකට විදුලිය බිද වැටී ඇති බවත්, වාර්තා වනවා.2004 වසරේ ආසියානු සුනාමියට මුල් වූ භූ කම්පනය ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවීම නිසා ඇතැම් ජනයා ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව සදහන්.

කෑවොත් ටොෆි මහමඟ නිදි !

සිසිල් බීමවලට නිදි මත් පෙති දමා පුද්ගලයන් සතු දේවල් සොරා ගන්නා අපරාධකරුවෙක් දැලේ යන පුවතක් පසුගියදා පළවිය.

මේ සෙල්ලම කලක සිට අප රටේ ක්‍රියාත්මක වන දෙයකි. විශේෂයෙන්ම දුම්රිය හෝ බස් රථවල ගමන් ගන්නා පුද්ගලයන්ට ටොෆියක් කන්නට දී ඔවුන් සතු දේවල් සොරා ගැනීම කලක සිටම සිදුවේ.

කුඩු වික්ක ‘කුඩු හාවා’ අල්ලයි

සුඛෝපභෝගී වාහනවලින් මහනුවරට යන එන විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඉලක්ක කැර හෙරොයින් අලෙවියේ යෙදුණු 'කුඩු හාවා' නමැති සැකකරු හෙරොයින් ග්රෑම් තුන හමාරක් සමඟ මහනුවර කෙට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ජාවාරම්කරු මූල්‍ය ආයතනයක කළමනාකරුවන් දෙදෙනෙකුට හෙරොයින් අලෙවි කිරීමට යෑමේ දී එම කළමනාකරුවන් සමඟ සැකකාර ජාවාරම්කරු අත්අඩංගුවට ගැනිණි.

මෙහිදි අත්අඩංගුවට ගැනුණු කළමනාකරුවකු වෙනුවෙන් ඔහුගේ මූල්‍ය ආයතනය ලබා දී තිබූ මොටර් රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

විටමින් ඌනතාවයෙ ලක්ෂණ


විටමින් යනු කාබනික අණු වලින් සෑදුණු සෛලවල ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන නමුදු බොහොමයක් ජීවීන්ට තමන් තුළම නිෂ්පාදනය කරගත නොහැකි සංඝටකයකි.

රට පුරා වෛරස් ආසාදනයක්

මේ දිනවල රටපුරා වෛරස් ආසාදනයක් පැතිර යන බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

දින කීපයක් උණ රෝගය පවතින අතර එය සුව වීමත් සමග සති කීපයක් පුරා රඳා පවතින වෛරස් රෝගයක් පැතිර යන බවත් එම වෛරසය හේතුවෙන් වියළි හෝ සෙම සහිත කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යව පවතින බවත් හෙතෙම පෙන්වා දේ.

කුඩා දරුවන් අතර වැඩි වශයෙන් මෙම වෛරසය පැතිර යන බැවින් සෙනඟ ගැවසෙන ස්ථාන වෙත දරුවන් රැගෙන නොයන ලෙසද වෛද්‍යවරයා දෙමාපියන්ට දැනුම් දේ.

පොදුජන පෙරමුණේ මහලේකම් තිස්ස?

මේ වනවිට පිහිටුවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ධුරයට එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පත්කිරීම කෙරෙහි එම පක්ෂය හා පක්ෂයට සම්බන්ධ කණ්ඩායම්හි අවධානය යොමුව ඇත. මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අත්තනායක මහතා අදාළ තනතුරට පත් කිරීම ගැටලුවක් නොමැති බවට එම පක්ෂයේ මතය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර ද විවිධ මත ප්‍රකාශ වී ඇති අතර, මේ වන විට එම පක්ෂයේ ලේකම් ධුරය නීතිඥ සාගර කාරියවසම් මහතා දරන අතර, පාලක ලේකම් ධුරය රේණුක පෙරේරා මහතා දරනු ලබයි.

ඒඩ්ස්‌ සුව කරන එන්නතක්‌ අත්හදා බලයි

මෙතෙක්‌ ලොව පුරා මිලියන 35 ක පමණ ජනගහනයකට මරු කැඳවා ඇති ඒඩ්ස්‌ රෝගය සඳහා නිපදවා ඇති සාර්ථක යෑයි පිළිගැනෙන එන්නතක්‌ නොවැම්බර් 30 වැනිදා සිට දකුණු අප්‍රිකාවේ අත්හදා බැලීම ආරම්භ කර තිබේ.

වසර 2009 දී තායිලන්තයේ අත්හදා බැලූ ඒඩ්ස්‌ රෝගයට හේතු වන එච්. අයි. වී. වයිරසයෙන් ආරක්‍ෂා වීම සඳහා සියයට 30 ක ආරක්‍ෂාවක්‌ ලබා දෙන එන්නතට පසු ලොව නිපදවූ සාර්ථක යෑයි පිළිගැනෙන ප්‍රථම ඒඩ්ස්‌ එන්නත මෙය බව පැවසේ.