තිදෙනෙක් එක්වී දෙදරු මවක් කෙළසලා

මියගිය හමුදා සෙබළෙකුගේ බිරිඳවූ තිස් හැවිරිදි දෙදරු මවක් හමුදා සෙබළෙකු හා ත්‍රිරෝද රථ රියැදුරන් තිදෙනකු විසින් සමූහ දූෂණය කිරීම පිළිබඳව අරණායක ‍පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

දෙබත්ගම, කුමාරපුර පදිංචි දෙදරු මවක වූ මෙම කාන්තාව සැමියා මියයාමෙන් පසු සිය දෙමාපියන්ගේ නිවස අසල නිවසක් ඉදි කරගෙන දරු දෙදෙනා ද සමග එහි පදිංචිව සිට අත. ඇය පවු‍ලේ ගමන් බිමන් සඳහා නිතර දෙවේ‍ලේ යොදා ගත් දෙබත්ගම නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන් තිදෙනකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බව ද පැවසේ.

මහින්ද මැ‍ලේසියාවට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිව්දින සංචාරයක් සඳහා මැ‍ලේසියාවට යාමට නියමිතව ඇත. මේ හේතුවෙන් සැප්තැම්බර් මස 04 වැනිදා කුරුණෑගල පැවැත්වෙන සම්මේලනයට ඒ මහතා සහභාගි නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒ මහින්ද රාජපක්ෂ මහතාට සැප්තැම්බර් මස 01දා සිට 04දා දක්වා පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂ සංවත්සරයේ ආරම්භක උත්සවයේ විශේෂ දේශනයක් පැවැත්වීමට ලැබුණු ආරාධනාවකට අනුවයි.

දරු ප්‍රසූතියේදී සැමියා වින්නඹුකම් කොට බිරිය මැරිලා !

සිය බිරියගේ දරු ප්‍රසූතියේදී සැමියා විසින් දරුවාගේ පෙකෙණිවැල කතුරකින් කැපීමෙන් දින අටකට පසු බිරිය මියයෑමේ පුවතක් කල්පිටිය පූලච්චේන ගමෙන් වාර්තා වේ. පසුගිය 27 දින මෙසේ මිය ගොස් ඇත්තේ අබ්දුල් වාහීද් සිත්ති රවුලා නම් 36 හැවිරිදි සිවු දරු මවකි.

එම කාන්තාව පිරිමි දරුවකු ප්‍රසූත කොට ඇති අතර දරුවාගේ පෙකෙණිවැල පියා විසින් කතුරකින් කපා ඇතැයි පරීක්ෂණ මෙහෙයවන කල්පිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ජී. ගුණරත්න මහතා පවසයි.

කපුවා දියණියන් දෙදෙනාම දූෂණය කරලා

ලග්ගල ප්‍රදේශයේ ජීවත්වූ වයෝවෘද්ධ පුද්ගලයකුගේ මානසික රෝගයක් සුවකිරීමට එම නිවෙසේ ජීවත් වූ අවුරුදු 22ක හා 20ක දියණියන් දෙදෙනා දූෂණය කළ බව කියන වයස අවුරුදු 55ක කපුවකු අත්අඩංගුවට ගැනීමට ලග්ගල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

සිය පියාට ඇතිවී ඇති රෝගී තත්ත්වය සුව කිරීම සඳහා දියණියන් දෙදෙනා සමඟ ලිංගික ඇසුරක් පැවැත්විය යුතු යැයි කැකිරාව ප්‍රදේශයේ පදිංචි කපුවකු යෝජනා කර තිබේ. 

ජනපතිගේ වෙබ් අඩවියට ඇතුළු වූ හැකරා හඳුනාගනී

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට කඩා වැදී ඇති අන්තර්ජාලයේ හැකර්ස්ලා කවුරුන්ද යන්න රහස් පොලිසිය විසින් හඳුනාගනු ලැබ තිබේ. එයට වගකිවයුතු සැකකරුවන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකිවනු ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට කඩා වැදී ඇති අන්තර්ජාලයේ හැකර්ස්ලා ඉල්ලීම් සහ කොන්දේසි කීපයක් ඉදිරිපත් කරමින් ඒවා ඉටු නොකළහොත් ඉදිරියේදී සයිබර් යුද්ධයකට සූදානම් වන්න යැයි ජනාධිපතිවරයාට අනතුරු හැඟවීමක්ද කර තිබිණි.ජනාධිපති මාධ්‍ය අංශය රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවද එම මාධ්‍ය අංශය ප්‍රකාශ කොට තිබිණි.

ඩිල්ෂාන් සමුගත් තරගයේ ජය කැංගරුවන්ට

ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින තරඟාවලියේ තෙවැනි තරඟයෙන් කඩුළු 02ක තියුණු ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ලංකාව ලබාදුන් ලකුණු 227ක ඉලක්කය ඔස්ට්‍රේලියානු ඉනිමේ 46 වැනි අවසන් පන්දුවට එල්ල කළ පහරත් සමග එම ජයග්‍රහණය තහවුරු විය.මෙම තරඟයේදී ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ජෝජ් බේලි ලකුණු 70ක් ලබාගත්තේය.

ඩිල්ෂාන්ගේ සමුගැනීමේ සාදය

තිලකරත්න ඩිල්ෂාන් ඊයේ (27)දඹුල්ලේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිය සමුගැනීමේ සාදයට සහභාගී වුණා.

මෙම අවස්ථාවට ඔහුගේ බිරිඳ මංජුලා ද එක්ව සිටියා.එම අවස්ථාවේ සේයා රූ පහතින් දැක්වෙනවා.

මධු මාධව ඊයේ රෑ බිරිඳට ලියූ කඳුළු ලිපිය මෙන්න

මධු මාධවහේ දෙවන බිරිඳ රෙනුෂා ඔහුව හැරගොස් අදට වසර දෙකක් ගත වනවා.ඇය විදෙස් ගතව ඔහුගෙන් නොකියාම වෙන්ව ඇත්තේ අද වැනි දිනකයි.

තම බිරිඳගේ හැරයාමෙන් තනිකඩ වූ මධු මාධව අයට ඊයේ රාත්‍රී ලිපියක් ලියා තිබෙනවා.ඊයේ (28)රාත්‍රියේ ෆේස්බුක් ඔස්සේ ලියූ එම ලිපිය පහතින් කියවිය හැකියි.

ඇඟ අඩුකර ගන්නේ මෙහෙමයි

ගොරක චූර්ණය ගැන කීමට පෙර තරබාරුව කියන්නේ මොකද්ද කියලා අප හඳුනාගත යුතුයි. තරබාරුව තිබෙනවා වර්ග කිහිපයක්‌. පළමුවැන්න තමයි උපතින් එන තරබාරුව. මෙය සුව කරන්නට බැහැ. එය ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ජානමය පිහිටීමයි. 

ඊළඟ තරබාරුව හටගන්නේ අවිධිමත් ආහාර නිසා හටගන්නා තරබාරුවයි. සමහරු කන්න පටන් ගත්තම උදේ සිට රෑ වනතුරුම කනවා. බොනවා. මේ තමයි අවිධිමත් ආහාර සම්ප්‍රදාය. මේ තරබාරුව සුව කරන්න පුළුවන්.

සැප්තැම්බර් 07දා දක්වා ඉර ලංකාවට ඉහලින්

ඉදිරි දින කිහිපයේදි ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරන හෙයින් හෙට සිට සැප්තැම්බර් 07දා දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතියි.හෙට දහවල් 12.12ට පුල්ලවේලි, වේඩුකාඩු සහ උරවෙනිකන්පත්තුව යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතියි.