චතුරිකා ලියූ ජනපති තාත්තා, නාමල් රාජපක්ෂ අතට ගනී


වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වූ චතුරිකා සිරිසේන විසින් පසුගියදා සිය පියාගේ චරිතාපදානය ඇතුලත් පොතක් එළි දක්වනු ලැබුවා. එය නම්කර තිබුණේ ”ජනපති තාත්තා” ලෙසින් වන අතර එහි මුල් පොත සිය පියාට පිළිගන්වමින් චතුරිකා සිරිසේන විසින් මෙම කෘතිය වෙළඳපලට නිකුත් කරනු ලැබුවා.

මේ අතර පසුගියදා කොළඹ පැවති පොත් ප්‍රදර්ශනයේදී එම පොත මිලදී ගැනීමට හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ කටයුතු කර තිබෙනවා. ඔහු විසින් එය කියවීමට සූදානම් බවටද වාර්තාවන අතර නාමල් විසින් එය මිලදීගත් අවස්ථාවේ ඡායාරූප කිහිපයකුයි මේ….