ශ්‍රීලනිප 65% කින් ශක්‌තිමත් වෙලා

2015 වසරට සාපේක්‍ෂව 2016 වසර තුළදී පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අභියෝග ජයගෙන 65% කින් ශක්‌තිමත්ව ඉදිරියට ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ඊයේ (18 දා) පැවසීය.

මෙම තොරතුරු අනාවරණය වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විසින් රට පුරා සිදුකරන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵල ලෙසයි.

එහිදී ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්‌කර නැවත නඟාසිටුවීම සඳහා ආරම්භ කළ පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ සාර්ථකත්වය සහ පක්‍ෂ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල මහතා පක්‍ෂයට ලබාදෙන නායකත්වය මේ සඳහා හේතු වී ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.