නෙදර්ලන්ත කොටි 4කට වසර 20ක සිරදඬුවම්

ල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත සංවිධානයට මුදල් එක් රැස් කිරීමේ චෝදනාව මත නෙදර්ලන්තයේ කොටි ක‍්‍රියාකාරීන් සිව් දෙනකුට වසර 20ක සිර දඩුවමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 4 වැනිදා නියම කර ඇත.

2003 වසරේ සිට 2010 වසර දක්වා වූ කාලයේ නීති විරෝධී ආකාරයෙන් කොටි සංවිධානයට මුදල් එක්රැුස් කිරීමේ චෝදනාව මත එරට පොලිසිය මගින් කොටි ක‍්‍රියාකාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.

නීතිවිරෝධී ආකාරයෙන් ලාභ ලබා ගැනීම බොහෝ දෙනකුට බලපෑම් සිදුකිරීම හා එක්රැුස් කර ඇති මුදල් කොටි සංවිධානයට යැවීම යන චෝදනා සම්බන්ධයෙන් මොවුනට එරෙහිව නඩු පවරා තිබුණු අතර මේ සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් එරට අධිකරණය මොවුන් පස් දෙනාට 20 වසරක සිරද`ඩුවමක් නියම කෙරුණේ ඉකුත් 2015 වසරේ අපේ‍්‍රල් මාසයේදී ය

මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් වරදකරුවන් වූ පස්දෙනා අතරින් සිව් දෙනකු විසින් නෙදර්ලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම විභාග කරමින් මොවුන් වැරදිකරුවන් යැයි නැවතත් තීරණය කළ අධිකරණය පහළ අධිකරණයේ තීරණය ක‍්‍රියාත්මක කළ යුතු යැයි ප‍්‍රකාශ කළේය.

එෆ්. අස්ලම්