දෙළුම් ඇටයක් සිරවීමෙන් මාස 10ක බිළිඳා මරුට

කුරුණෑගල, දොඩම්ගස්ලන්ද මදුරාගොඩ ප්‍රදේශයේදී දෙළුම් ඇටයක් උගුරේ සිරවීමෙන් මාස 10ක සිඟිතෙකු මිය ගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, පසුගිය 31වන දා මෙම සිඟිත්තාට දෙළුම් ඇටයක් උගුරේ සිරවීමෙන් බරපතළ තත්ත්වයේ සිටියදී රිදීගම දිසා රෝහලට ඇතුළත් කර තිබෙන බව ය.

රෝහලේදී සිඟිත්තා මිය ගොස් ඇති අතර ඊයේ රාත්‍රීයේදී බිළිඳාගේ සිරුර නිවස වෙත ගෙන යනු ලැබුවේය.