සෝමාලි කොල්ලකරුවෝ නැව නිදහස් කරති

ශ්‍රී ලාංකිකයන් අට දෙනෙක් සහිතව සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගත් ඒරීස් 13 නෞකාව ඔවුන් විසින් නිදහස් කර තිබේ. කිසිඳු කප්පමක් ඉල්ලීමකින් තොරව ඔවුන් නැව නිදහස් කර තිබේ. නැව නිදහස් කර ඇති බව සෝමාලියානු රජය හා කොල්ලකරුවන් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

"සෝමාලියානු ව්‍යාපාරිකයෙක් මෙම නැව කුලියට ලබාගෙන ඇති බව දැනගැනිමත් සමග අප කප්පම් ඉල්ලීමකින් තොරව එය නිදහස් කළා" යැයි කොල්ලකරුවෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.


ශ්‍රී ලාංකිකයන් අට දෙනෙක් ගමන් ගත් මෙම නෞකාව පසුගිය සඳුදා දිනයේදි සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්විය.