වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය හෙට

මෙම වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය හෙට (11 වැනිදා) පෙරවරු 4.04 ට සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා  ඊයේ (9දා) පැවැසීය.

බටහිර අහසේ චන්ද්‍රයා බැස යනවාත් සමගින් ඡායා චන්ද්‍රග්‍රහණයක්‌ ලෙස මෙය ඇතිවන බවත් පෙරවරු 4.04 ට ආරම්භ වී පෙරවරු 8.30 ට මෙම ග්‍රහණය බැස යන බවත් හෙතෙම පැවසීය.