දිවුලපිටිය ප්‍රා.ලේ ස්ථාන මාරු ඉල්ලති

පසුගිය දා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය සහ ඇමැති රංජන් රාමනායක මහතා අතර ඇති වූ ප්‍රශ්නයෙන් පසු එම ලේකම්වරිය සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ස්ථාන මාරු ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් කර තිබේ.

මේ ප්‍රාදේශීය ලේකම්වරිය සහ දිස්ත්‍රික් ලේකම්වරයාට සිද්ධියෙන් පසු දිනකට කෙටි පණිවිඩ සියයකට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ දුරකතනවලට ලැබෙන බවත් එම තත්ත්වය ඔවුන්ට දැඩි කරදරකාරී තත්ත්වයක් බවට පත්ව ඇති බවත් කියති.

එම නිසා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාත් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියත් මෙසේ ස්ථාන මාරුවීම් ඉල්ලා ඇත.

මේ ස්ථාන මාරුවීම් ලබා දීම කෙරෙහි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.