සීගිරිය නඟින්න විදුලි සෝපාන

සීගිරියේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා විදුලි සෝපාන යෙදවීමට රජයේ අවධානය යොමුවී තිබේ. පුරවිද්‍යාත්මකව සොයා බලා හානියක් නොවන අයුරින් එය සිදු කිරිමට අවධානය යොමු වී ඇති බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සීගිරිය අවට ගමන් පහසුව සඳහා ශබ්ද සහ වායු දූෂණයෙන් තොර විදුලි මෝටර් රථ යොදාගැනීමටද අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ ඇමැති කාරියවසම් මහතා ලෝක උරුමයක් වන සීගිරිය ආරක්ෂා කර ගනිමින් මෙම කටයුත්ත සිදු කරන බවද කියා සිටි.

දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවිශේෂ අවධානය යොමු වූ ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ලෝක උරුමයක් වන සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ දී ඇති වන අපහසුතා සහ තදබදය වළක්වාලීමේ අරමුණින් සහ සංචාරක පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් අන්තර්ජාලයෙන් ප්‍රවේශපත් මිලට ගැනීමේ ක්‍රමවේදයකටද යොමුවී ඇති බවත් අධ්‍යාපන ඇමතිවරයා කීවේය.