මාලිංග නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විස්සයි 20 නායක ලසිත් මාලිංග සිය ආබාධය මේ වන විට සම්පුර්නයෙන්ම සුවය ලබා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

කොළඹදී අද (09) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයට මාලිංග සූදානම් බවත් මේ වසරේදි එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහාත් මාලිංග එක්වෙනු ඇති බවත් සුමතිපාල මහතා පැවැසීය.

එමෙන්ම මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, දසුන් ශානක, ඩිල්ෂාන් මුණවීර, විකුම් සංජයද ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට කැඳවා තිබෙනවා.