විල්පත්තුව අතේ පත්තු වෙයි

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන රක්ෂිත හතරට අයත් වනාන්තර අක්කර 3,400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇති බව රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා ප්‍රමුඛ සංවිධානාත්මක පිරිසක් විසින් උත්සාහ දරමින් සිටින බවට පරිසර සංරක්ෂණ භාරය චෝදනාකර සිටී.

පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා නිවේදනයක් නිකුත්කරමින් මේ චෝදනාව කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මරිච්චුකඞ්ඩි - කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් වශයෙන් මේ විනාශය සිදුකර ඇති බවයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ පිහිටි මොල්ලිකුලම් හා මරිච්චුකඞ්ඩි ගම්මාන වලින් මුස්ලිම් ජනතාව ජීවත් වූ සාම්ප්‍රදායික ගම්මානයක් වන මරිච්චුකඞ්ඩි ගම්මානයට අයත් ඡායාරූප පෙන්වමින් වන රක්ෂිත තුළ ජනාවාස පිහිටි බවට තහවුරු කිරීමට උත්සාහයක් ඇතැයිද එහි දැක්වේ.

සිය සංවිධානය පැහැදිළි ලෙස මරිච්චුකඞ්ඩි - කරඩික්කුලි වන රක්ෂිතය හා විලත්තිකුලම් වන රක්ෂිතය මහ පරිමානයෙන් එළිපෙහෙළි කර අලූතින් ජනාවාස ව්‍යාප්ත කර ඇති බව තහවුරු කරන බවද කියා සිටී.

ඒ පිළිබඳව ලිපි ලේඛන හා සිතියම් අනුසාරයෙන් ඉතා ම පැහැදිලිව මීට පෙර කරුණු පැහැදිලි කර ඇති බවද පවසන පරිසර සංරක්ෂණ භාරය ඒ පිළිබඳව කිසිදු තර්කානුකූල කරුණු ඉදිරිපත් කිරීමක් නොකර අදාළ නොමැති ඡායාරූප ඉදිරිපත් කරමින් ජනතාව මුලා කිරීමට කණ්ඩායමක් උත්සාහදරමින් සිටින බවද සඳහන් කරයි.

දේශපාලන අවශ්‍යතා සඳහා ජනතාව එම රක්ෂිත තුළ පදිංචි කළද ඉන් 60%ක් එම ප්‍රදේශ හැරදමා ගොස් ඇති බවද එහි දක්වා ඇත.

අලි - මිනිස් ගැටුම් පැවතීම, වැසි කාල වල දී ජල ගැලීම් වලට ලක් වීම, නියං කාල වල දී උග්‍ර ජල හිඟයන්ට මුහුණ දීමට සිදු වීම, පදිංචි කළ ජනතාවට ජීවනෝපායන මාර්ග නොමැති වීම හා ජීවත්වීමට අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිවීම යන කාරණා මත ජනතාව එම ප්‍රදේශ හැරගොස් ඇත.

සාම්ප‍්‍රදායික මුස්ලිම් ජාතික ජනතාව ජීවත්වන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම ආශි‍්‍රතව පිහිටි මරිච්චුකඞ්ඩි ගම්මානය
රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා ඇතුළුව ඔවුගේ වුවමනාවන් මත කි‍්‍රයාත්මක වන සමන් රත්නපි‍්‍රය, ගාමිණී වියන්ගොඩ, තිලක් කාරියවසම් හා සජීව විජේවීර යන මහත්වරුන් කිසිදු කරුණු සොයා බැලීමකින් තොරව පෙන්වන මරිච්චුකඞ්ඩි ගම්මානයේ පිහිටි මුස්ලිම් පල්ලිය
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම ආසන්නයේ පිහිටි දමිල ජනතාව ජීවත් වූ මොල්ලිකුලම ගම්මානය
මොල්ලිකුලම් ගම්මානයේ පිහිටි රෝමාණු කතෝලික පල්ලිය
රක්ෂිත වනාන්තර එළි කර අලූතින් ජනතාව පදිංචි කරන ආකාරය
රක්ෂිත වනාන්තර එළි කර අලූතින් ජනතාව පදිංචි කරන ආකාරය
සාම්ප‍්‍රදායික මුස්ලිම් ජාතික ජනතාව ජීවත්වන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම ආශි‍්‍රතව පිහිටි මරිච්චුකඞ්ඩි ගම්මානය