රන්ජන්ට මරණ තර්ජන

දුරකථනයෙන් තමාට මරණ තර්ජන එල්ල වීමට පටන් ගෙන ඇතැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඊයේ කියා සිටියේය.

නීතිවිරෝධී පස්‌ ජාවාරම් සිදුකරන ඇතැම් පුද්ගලයින් නීති විරෝධී ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා පුරෝගාමීව ක්‍රියාකරන තමන්ට පාතාලය යොදවා මෙම මරණ තර්ජන ඇති කරන බව කී රන්ජන් රාමනායක මහතා තමා මේ පිළිබඳව ආරක්‌ෂක ඇමතිවරයාට පවා දැනුම් දුන් බව සඳහන් කළේය.

නීතිවිරෝධී ජාවාරම් කරන පුද්ගලයින්ට එරෙහිව තමා ක්‍රියාත්මක කරන සටන දිගටම කරගෙන යන බවද හෙතෙම කීවේය.