කොටි තොප්පියක් එංගලන්තෙට යවන්න හැදූ 3ක් අල්ලයි

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නිල ලාංඡනය සහිත හිස් වැසුමක් ගුවන් තැපෑල මඟින් මෙරට සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට යැවීමට උත්සාහ කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් හිටපු බුද්ධි අංශ සාමාජිකයකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ලබන මාර්තු 1දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ (22දා) නියෝග කළාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය වෙත දන්වා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තම සේවාදායකයන්්ට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි නිසා ඔවුන් නිදහස් කරන ලෙසයි.

එම ඉල්ලම ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් තිදෙනා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය.