ලොතරැයිය අද සිට රු. 20යි

සියලූම ලොතරැයි පත්වල මිල වහාම කි්‍රයාත්මක වන පරිදි අද (01) සිට රු. 20ක් දක්වා පහත හෙළුෑ බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

එ මහතා එසේ කියාසිටියේ ඊයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ ජනාධිපතිතුමා ලොතරැයිපත්වල මිල රු. 20 දක්වා අඩුකරන්න කියලා නියෝග කළා. එ නියෝගයත් සමඟ අපි ප්‍රායෝගික ගැටලූවකට මුහුණ දුන්නා. එ ගැන අපි මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කළා. එහිදී අප මුහුණ දී තිබූ ප්‍රායෝගික තත්වයන් සමනය කරගෙන හැකි ඉක්මනින් ජනාධිපතිතුමාගේ ඉල්ලීම් ඉටුකරදෙන ලෙස අපිට උපදෙස් ලැබුණා.

ටිකට්පතක් දිනුම් අදින්න දින 10කට පමණ කලින් තමයි අපි එවා මාකට් එකට Þන්නේ. ජනාධිපතිතුමා නියෝගය දුන් වහාම අපි මිල අඩු කළා නම් එ වනවිටත් රුපියල් 30 ගානේ ටිකට් ලබාගත් පිරිසට ලොකු ගැටලූවක් වෙනවා. එ සියලූ දේ සමබර කරගෙන ජනාධිපතිතුමාගේ ඉල්ලීමට ගරු කරලා රු. 30 දක්වා වැඩි කර තිබු ලොතරැයි පත්වල මිල අද සිට රු. 20 දක්වා අඩුකිරීමට අපි තීරණය කළා.˜