මොරටුවේත් සිසු ගැටුමක් - 10ක් අත්අඩංගුවට

මොරටුව කොතලාවල පුර විදුහලේ හා නුගෝගොඩ ශාන්ත ජොන් විදුහලේ සිසුන් දෙපිරිසක් අතර මොරටුව ජනජය විදුහල් ක්‍රීඩාංගණයේ ගැටුමක් ඇතිව තිබේ.

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අවසානයේදි මෙම ගැටුම ඇතිව තිබේ. ඊයේ සවස ඇතුවූ ගැටුමෙන් 6 දෙනෙකු තුවාල ලබා ලුනාව රජයේ රෝහලට ඇතුළත් කර තිබේ. ගැටුමට සම්බන්ධ සිසුන් 10 දෙනෙකු මොරටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් අද (16දා) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.