තොරතුරු දැනගැනීමෙන් ලංකාව ආසියාවේ 1 වෙයි

තොරතුරු දැන ගැනීමට අදාළ නීතී රාමුව ශක්තිමත්ට රටවල් අතර ශ්‍රී ලංකාවට ලෝකයේ තුන්වන ස්ථානයට පත්ව ඇති බව කැනේඩියානු රාජ්‍ය නොවන සංවිධානයක් පවසයි.

කැනේඩියානු " නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානය" නම් රාජ්‍ය නොවන සංවිධානයන් මඟින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවයි.

එමෙන්ම මෙම ස්ථානගත කිරීම් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

මෙම ස්ථානගත කිරීම් අනුව පිළිවෙලින්, මෙක්සිකෝව (ලකුණු 136) , සර්බියාව (ලකුණු 135), ශ්‍රී ලංකාව(ලකුණු 131) ප්‍රථම දෙවන හා තෙවන ස්ථානයේ පසු වන අතර ඉන්දියාව (ලකුණු 128) පස්වන ස්ථානයේ පසුවෙයි.