පළමු එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට Video

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත්විය.

තණතිල්ල උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරන බව, පෝට්එළිසබත් හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා නායක ඒ.බී. ඩිවිලියස් ප්‍රකාශ කළේය.

අධික සුළං සහිත කාළගුණයක් යටතේ ආරම්භ වූ තරගයට ලබා දී තිබුණේ වේගපන්යවන්නන්ට වඩාත් යෝග්‍ය තණතිල්ලක් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් මෙම තරගය ක්‍රීඩා කිරීමට තීරණය කළේය.

නවකයන් දෙපළක්වූ ලක්ෂාන් සඳකැන් හා ජෙෆ්රි වැන්ඩර්සේ එම අභියෝගය භාරගනිද්දී වේග පන්දුයවන්නන්ගේ අභියෝගය භාරගත්තේ, නුවන් කුලසේකර හා සුරංල ලක්මාල්.

වමතින් දඟ පන්දුයවන ක්‍රීඩකයෙකු වන ලක්ෂාන් සඳකැන් මෙම තරගයට පෙර එක් එක්දින තරගයක් පමණක් ක්‍රීඩා කර තිබිණ, වැන්ඩසේ ක්‍රීඩා කර ඇත්තේ, එක්දින තරග 5 ක් පමණි.

එසේම ආරම්භක පිතිකරුවකුගේ වගකීම නවකයෙකු වූ සඳුන් වීරක්කොඩිට අද හිමිවිය.

ඔහු එද එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකරගත්තේ 177 වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසවේ.

ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල හා සඳුන් වීරක්කෝඩිට අද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි නොවීය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල එක් ලකුණකට දැවී යද්දී සඳුන්ට රැස්කල හැකි වුනේ ලකුණු 5 ක් පමණි.

ලකුණු 14ට කඩුලු 2 ක් දැවී අසීරු ස්ථානයක පසුවූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව, ගෞරවාන්විත ස්ථානයකට ගෙන ඒවට කුසල් මෙන්ඩිස් හුදකලා සටනක නිරත විය.

ඔහු පන්දු 94 කින් ලකුණු 62 ක් රැස්කළේ හතරේ පහර 10 ක් සමගිනි. දිනේශ් චන්දිමාල් පන්දු 55 කින් ලකුණු 22 ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ට රැස්කල හැකි වුනේ ලකුණු 28 ක් පමණි.

ශ්‍රි ලකං ඉනිමේ ක්‍රීඩකයන් 7 දෙනෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට හෝ අවස්ථාව හිමි නොවීය.

වේන් පානෙල් ලකුණු 48 ට කඩුලු 3 ක් දවා ගනිද්දී, ඉම්රාන් තහීර් ලකුණු 26ට කඩුලු 3 ක් දවා ගැනීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 48යි පන්දු 3 කදී ලකුණු 181 කට සීමා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පිත්තෙන්ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත්විය.

පළමු කඩුල්ලට ලකුණු 71 ක සබඳතාවක් වාර්තා කිරීමට හෂීම් අම්ලා හා ක්වින්ටන් ඩි කොක් සමත්වූ අතර, ඔවුන් තරගය ජය ගත්තේ කඩුලු 2 ක් පමණක් දැවී රැසිටයදී, ඒ වනවිට ඉනිම අවසන් වීමට තවත් පන්දු 94 ක් ඉතිරිව තිබිණ.

කුවින්ටන් ඩි කොක් ලකුණු 34 ක් රැස්කල අතර, හෂීම් අම්ලා ලකුණු 57 ක් හා ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලකුණු 55 ක් රැස්කිරීමට සත්විය.

නායක ඒ බී ඩිවිලියස් නොදැවී ලකුණු 30 ක් රැස්කළේය.

දකුණු අප්‍රිකානු ඉනිමේ දැවී ගිය කඩුලු දෙක බෙදී ගියේ අසේල ගුණරත්න හා ලක්ෂාන් සඳකැන් අතරයි.

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රධාන පෙළේ වේගපන්දු යවන්නන් සිව් දෙනෙකු හා විශේෂඥ දඟ පන්දුයවන්නෙකු සමගින් ක්‍රීඩා කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වේගපන්දු යවන්නන් දෙදෙනෙකු පමණක් යොදා ගැනීම ගැන විචාරකයන්ගේ ද අවධානය යොමුව තිබිණ.

තරගයෙනේ පසුව නායක උපුල් තරංග ප්‍රකාශ කළේ:

“දග පන්දුයවන්නන්ට යෝග්‍යවනු ඇති බව අප සිතුව. නමුත් සුළං අධික කාළගුණය හේතුවෙන්, දඟ පන්දුයවන්නන්ට පාලයක් ඇතිව පන්දුයවන්න හැකි වුණේ නැහැ. මීළඟ තරගයට සහභාගීවීමට පෙර බොහෝ දෑ ගැන අවධානය යොමුකළ යුතුයි. පිතිකරුවන් හා පන්දුයවන්නන් යන දෙ අංශය ගැනම අවධානය යොමකළ යුතු වනවා.”


ශ්‍රී ලංකා ඉනිමේ විශේෂ අවස්ථා වීඩියෝව


දකුණු අප්‍රිකා ඉනිමේ විශේෂ අවස්ථා වීඩියෝව