DJ අරා එක්ක පැස්බරාත් සියතට

පසුගිය දවස්වල මාතෘකාව වුණේ DJ අරානේ. ඊට පස්සේ ඔහුත් එක්ක උදෑසන වැඩසටහන කරපු ‘පැස්බරා’ එහෙමත් නැත්නම් දිස්නා මුණසිංහ ගැනත් බොහෝ දෙනා හොයන්න ගත්තා. ඒ ඇය මොන ගුවන් විදුලි නාළිකාවට යයිද කියලයි. කොහොම හරි දැන් ඇයත් සියතට ඇවිත් කියලා තමයි ආරංචි වෙන්නේ. ලබන මාසේ ඉඳන් ඇයත් Dj අරාත් එකට උදෑසන වැඩසටහන කරනවා. තවත් දෙයක් තමයි උදෑසන ඒ වැඩසටහනේ පැය තුන සඳහා පැස්බරාටත් ඉහළම මිලක් ගෙවනවා කියලා තමයි ආරංචි නම් වුණේ.