දේශපාලනයෙන් ඉවත් වන්නැයි මහින්දට බලපෑම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සක්‍රිය දේශපාලනයෙන් ඉවත්වන ලෙස ප්‍රබල රටක තානාපති කාර්යාලයක්‌ සහ අසල්වැසි රටක බුද්ධි අංශයක්‌ විසින් බලපෑම් එල්ලකර ඇතැයි වාර්තා වේ. ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානියකු වෙන වෙනම හමුවී අදාළ අංශ දෙක මෙම දැනුම්දීම කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බැවින් ඔහුගේ ගෞරවය පිණිස මෙම ඉල්ලීම සිදුකරන බවත් එය මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම් දෙන ලෙසත් ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානියා හමුවූ ඉහත පුද්ගලයන් දැනුම්දී ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා නොපමාව මෙම තීරණය ගන්නේ නම් එය ඔහුගේ පවුලේ ඥතීන්ට මෙන්ම ඔවුන්ගේ දේශපාලන අනාගතයටද සුභවාදී වනු ඇති බවද එම තානාපති කාර්යාලය හා බුද්ධි අංශය පෙන්වාදී තිබේ.