නුගේගොඩ රැලියට එන්න එපා

ඒකාබද්ධ විපක්ෂය 27 වැනිදා නුගේගොඩදී පවත්වන 'පෙරැළියක ඇරැඹුම' ජන රැලියට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් එම රැස්වීමට නොපැමිණෙන ලෙස තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

එම රැස්වීමට සහභාගි වන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ දරුවන් පවා සිරගත කරන බවට දැනටමත් ඇතැම් ඇමැතිවරු තර්ජනය කොට ඇති නිසා දරුවන් ගැන සිතා එලෙස සහභාගි නොවන ලෙස ඉල්ලා සිටින බවද හිටපු ජනාධිපතිවරයා කීය.

ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වන අයට සුදුසුම අවස්ථාවේ දන්වන බවත් අගමැතිවරයා දිවයිනට පැමිණ සිටින නිසා ආණ්ඩු බලය ලබා ගැනීමේ මෙහෙයුම දිගටම සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ බල තුලනයක් මඟින් එම වෙනස කළ හැකි බවත් ජනාධිපතිතුමා ඒ බව ප්‍රකාශ කොට ඇති බවත් හෙතෙම කීය. කේ‍රා්ටන් කොළ කන යුගයෙන් මිදීම සඳහා මහ ඇමැතිවරු ඇතුළු බොහෝ දෙනකු සාකච්ඡා කිරීමට ඉල්ලා සිටින බවත්, ඒ සඳහා ‍ෙදාර විවෘත බවත් රාජපක්ෂ මහතා කීය.

අත්අඩංගුවට ගන්නා අයට මාස 3ක් ගත වනතුරු ඇප නොදෙන බව ඇමැතිවරයකු ප්‍රකාශ කොට ඇති බව කී හිටපු ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුව යටතේ ඇප දෙන්නේ අධිකරණයද නැත්නම් ඇමැතිවරු දැයි යන්න විමසීය.

නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (24දා) සවස මාධ්‍යට අදහස් දක්වමින් ඔහු එම කරුණු අනාවරණය කළේය.