දොඩම් ලෙලි වල ඇති විශ්මිත ගුණ මෙන්න


දොඩම්, දෙහි, ලෙමන් ඇතුළු සිට්‍ර්‍රස්‌ වර්ගයට අයත් පලතුරු වර්ග බාල, තරුණ, මහළු කොයි කා අතරත් වයස්‌ භේදයකින් තොරව ජනප්‍රියව පවතී. එහෙත් අප බොහෝ විට හුරුව සිටිනුයේ මෙම පලතුරු වර්ගවල මදය ආහාරයට ගැනීමට හෝ එම මදය යුෂ ලෙස සකස්‌ කර පානය කිරීමට පමණකි. මදය ඉවත් කර මෙම සිට්‍රස්‌ වර්ගයේ පලතුරු වර්ගවල ලෙලි (පීල්) ඉවත දැමීම සුලබව සිදුවන්නකි.

බටහිර වෛද්‍ය පර්යේෂකයෝ මෑතකදී සිදු කළ පර්යේෂණයන්ට අනුව දොඩම් ඇතුළු සිට්‍රස්‌ වර්ගයේ පලතුරු වර්ගවල මදයට වඩා පෝෂණ ගුණය ඇත්තේ ඒවායේ ලෙලිවල බව අනාවරණය කර ගෙන තිබේ. පැරැණි ආයුර්වේදයෙහි මෙම පලතුරු වර්ගවල ලෙලිවල ඇති වැදගත්කම පෙන්වා දී ඇතත් බටහිර වෛද්‍ය පර්යේෂකයන් එය තහවුරු කරගනු ලැබුවේ මෑතකදී ය.

මෙම පර්යේෂකයන්ට අනුව ජනප්‍රිය සිට්‍රස්‌ වර්ගයේ පලතුරක්‌ වන දොඩම් ගෙඩියෙහි ලෙල්ලෙහි ජනතාවට අහිතකර ලෙසින් බලපානු ලබන බෝනොවන රෝගවන අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, හෘද රෝග, පිළිකා ඇතුළු රෝග රැසක්‌ මර්දනය කළ හැකි සංයෝගයන් අඩංගුව ඇති බව අනාවරණය වී තිබේ.

එම පර්යේෂණවලට අනුව දොඩම් ලෙලි අවුන්ස 3.5 ක විටමින් සි මිලිග්‍රෑම් 136 ක ප්‍රමාණයක්‌ අන්තර් ගත වුවද අප රස කරමින් අනුභව කරනු ලබන දොඩම් මද අවුන්ස 3.5 ක අන්තර්ගත වනුයේ විටමින් සී මිලිග්‍රෑම් 71 ක ප්‍රමාණයකි. දොඩම් ලෙල්ලෙහි සුලබව අඩංගුව පවතින ෆ්ලෙවනොයිඩ්ස්‌ වර්ගයේ සංයෝගයන් මත 'හෙස්‌පෙරිඩින්' පොලිමෙතොක්‌සිෆ්ලෙවන්ස්‌ හා පයිටෝ වර්ගයේ සංයෝගයන් හෘද රෝග ඇතුළු බෝ නොවන රෝග මර්දනය කිරීමේ ගුණයෙන් යුතුවන අතර මේවා අතුරින් ෆ්ලෙවනොයිඩ්ස්‌ වර්ගයක්‌ වන හෙස්‌පෙරිඩින් පිළිකාවන් මෙන්ම අධි රුධිර පීඩනය හා කොලෙස්‌ටරෝල් මට්‌ටම එම රෝග සඳහා ගනු ලබන බෙහෙත්වලටත් වඩා හොඳින් අඩු කිරීමට සමත්a බව හෙළි වී තිබේ.

මෙහිදී මැදි වයසෙහි පසුවන අධි බර තත්ත්වයෙන් යුතු පුද්ගලයකු දොඩම් ලෙලි පරිභෝජනය කිරීමෙන් එහි අඩංගු හෙස්‌පෙරිඩින් ශරිරයට ලැබීම නිසා සති හතරක්‌ ඇතුළත එම පුද්ගලයාගේ අධි රුධිර පීඩන මට්‌ටම අඩු වන බව තහවුරු වී තිබේ. දොඩම් ලෙලිවල අඩංගු 'පොලිමෙතොක්‌සි ෆ්ලෙවන්ස්‌, බෙහෙත් වර්ගවලට වඩා අතුරු ආබාධයකින් තොරව කොලෙස්‌ටරෝල් මට්‌ටම අඩු කිරිමට සමත් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

දොඩම් ලෙලිවල අන්තර්ගත පෝෂ්‍යදායී සංයෝගයන් අසාත්මිකතාවන් (ඇලර්ජිස්‌) හා ඉදිමීම් තත්ත්වයන් වැළැක්‌වීම (අසාත්මිකතාdවන්ට හේතු වන හිස්‌ටමින් ද්‍රව්‍ය නිකුත් කිරීම වැළැක්‌වීම) ආහාර ජීර්ණය පහසු කිරීම, පෙණහළු පිරිසිදු කිරීම, සෙම ඉවත් කිරීම, මුඛ සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම (දොඩම් ලෙල්ලක්‌ ගෙන එමගින් දත් පිරිමැදීමෙන් දත් සුදු කිරීමට උපකාරී වන අතර එය මුඛ සුගන්ධ කාරකයක්‌ ලෙස ද භාවිත කළ හැකිය.) සම ආරක්‍ෂා කරන ද්‍රව්‍යයක්‌ ලෙස ක්‍රියා කිරීම (දොඩම් ලෙලි සාරය කිරි හා මිශ්‍ර කර මුහුණෙහි අදුරු පැහැති ලප මත ආලේපකිරීමෙන් ඒවා මඟහරවා ගත හැකි වීම) ශරීරයෙහි බර අඩු කිරීමටත්, හේතු වන බව පර්යේෂකයෝ පවසති. දොඩම් ලෙලිවල කැලරි අඩු මට්‌ටමින් හා තන්තු හෙවත් ෆයිබර් වැඩි වශයෙන් ද අන්තර්ගත වීම නිසා ඒවා භාවිත කිරීම ශරීරයෙහි බර අඩු කිරීමට හේතු වන බව හෙළි වී ඇත. දොඩම් ලෙලිවල අන්තර්ගත සෙසු පෝෂණ ද්‍රව්‍යයන් අතර කැල්සියම්, කොපර්, මැග්නීසියම්, විටමින් ඒ, විටමින් බී සංකීර්ණය ෙµdලේට්‌ අම්ලය වේ.

දොඩම් ලෙල්ල සාමාන්‍යයෙන් තිත්ත රසයෙන් යුතු වන අතර, එම තත්ත්වයට හේතුව ශරීරයට හිතකර ෆ්ලෙවෙනොයිඩ්ස්‌ එහි බහුලව අන්තර්ගත වීමයි.

කැනේඩියානු පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් සිදු කරගෙන යන පර්යේෂණයක මූලික දත්තයන්ට අනුව පිළිකා හා ස්‌ථුලතාවයට හේතු වන ප්‍රොaටීන් වර්ගයක්‌ වන ආර්ලිප් - 76 ප්‍රොaටීනයට එරෙහිව සටන් කිරීමේ හැකියාව ද දොඩම් ලෙලිවලට ඇති බව පෙන්වා දී තිබේ. මේ සා පෝෂණ ගුණයක්‌ පවතින බෙහෙත් වර්ගයකට සමාන වූ දොඩම් ලෙලි අනුභව කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔබට ගැටලුවක්‌ පැන නඟිනු නොඅනුමානය. දොඩම් ලෙලි අනුභව කිරීමේදී තෝරා ගත යුත්තේ කිසිදු රසායන ද්‍රව්‍ය හෝ පලිබෝධ නාශකයක්‌ නොයෙදූ ස්‌වාභාවික පොහොර භාවිතයෙන් වගා කළ දොඩම් ගසක අඩංගු දොඩම් ගෙඩිය.

මෙහිදී මුලින් එම දොඩම් ගෙඩියක්‌ හොඳින් සෝදා ගන්න. මෙම දොඩම් ගෙඩියක ලෙල්ල ඉවත්කර එය ග්‍රේට්‌ (ගා) කරගෙන සලාදයක අංගයක්‌ ලෙස, සලාද සැරැසුමක්‌ ලෙස (සැලඩ් ෙඩ්‍රසින්) යෝගට්‌. තේ, මාළු හා එලවලුවලට යොදා පරිභෝජනය කළ හැකිය.

දොඩම් ලෙල්ල බ්ලෙන්ඩරයක යොදා යුෂ කර ගෙන එය විවිධ පාන වර්ග (ස්‌මුතීස්‌) සඳහා යොදා ගත හැකිය.

පර්යේෂණ වාර්තාවන් ඇසුරිණි