තලංගම ගණිකා නිවාසයක් වටලයි

තලංගම කලල්ගොඩ තලවතුගොඩ ප්‍රදේශයේ ඊයේ (06) දින පස්වරුවේ තලංගම පොලිසිය විසින් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

එම වැටලීමේදී එහි කළමනාකරු වශයෙන් සිටි පුද්ගලයෙකු සහ තායිලන්ත කාන්තාවක් තවත් කාන්තාවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් 22,23,27,සහ 40 යන වයස් වල පසුවන බිබිලේගම, කන්තලේ, තලවතුගොඩ යන ප්‍රදේශ වල පදිංචි අය වේ.

සැකකරු හා සැකකාරියන් අද (07) දින කඩුවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර තලංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.