වාහන අලෙවිය කඩා වැටිලා

රජය විසින් මෑතකදී හඳුන්වා දී ඇති නව රෙගුලාසි හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපොළ වර්තමානය වන විට සියයට හතළිහකට වඩා කඩා වැටී ඇතැයිද ඒ හේතුවෙන් මෝටර් රථ අලෙවිකරුවන් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයිද මෝටර් රථ වෙළෙඳ සංගම් පවසයි.

ඉහළ මිල ගණන් හේතුවෙන් වාහන මිලදී ගැනීම සඳහා පැමිණෙන පිරිස් නැවත හැරී යන බවද ඇතැම් වාහන ප්‍රදර්ශනාගාරවලින් පසුගිය මාස හතරේදී එකම වාහනයක්වත් අලෙවි වී නැතැයිද ඔවුහු පවසති.

2017 අය - වැයෙන් යෝජනා කරන ලද ලීසිං රෙගුලාසි ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉදිරියේදී එම තත්ත්වය තවත් ප්‍රබල වනු ඇතැයි පැවැසේ.
රජය පනවන ලද නව රෙගුලාසිවලට යටත්ව වාහන සඳහා ලීසිං ලබාගැනීම ජනතාව ප්‍රතික්ෂේප කරන බවද මෝටර් රථ වෙළෙඳ සංගම් සාමාජිකයෝ පෙන්වා දෙති.