වයෝවෘද්ධ පුද්ගලයකු මහ මඟ දමා ගිහින්

කිසිවකුගේ හව්හරණක් නොමැතිව අතහැර දමා යන ලද පනස්විය ඉක්මවූ වයස්ගත පුද්ගලයකු බත්තරමුල්ල , සෙත්සිරිපාය ඉදිරිපිට දී පෙරේදා (21) උදෑසන 8.00 ට පමණ නාගරික සංවර්ධන අධිකාරියේ ආරක්ෂක අංශ නිලධාරීන්ට හමුවී තිබේ.

මේ පුද්ගලයා ඇවිදීමට හා කතා කිරීමට පවා අපහසු ස්නායු රෝගයකින් පෙලෙන්නෙකු වන අතර, රෝද පුටුව ද සහිතව මහ මඟ අතහැර ගොස් ඇත.
පුද්ගලයා සතුව තිබූ ගමන් මල්ලපිරික්සීමේ දී එම පුද්ගලයා රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ජනවාරි 01 වන දින ඉන් නික්මී ඇති බව සඳහන් වී ඇත. මොහු නො 102, දෙහිවල පාර , පැපිලියන ලිපිනයේ පදිංචිපී පී . පීරිස් නමැත්තෙකි. සෙත්සිරිපාය , දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුවිනි සමරසිංහ හා තරංග කල්දේරා ඇතුළු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ,අසරණ වූ මේ පුද්ගලයාපිළිබඳව තලංගම පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය විසින් මේ පුද්ගලයාව තලංගම රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇත. මොහුගේ පවුලේ අයිතිකරුවන් සොයා රෝගියා බාර දීමට මෙන්ම මේ අතහැර දමා යාම පිළිබඳව පරීක්ෂණ කටයුතු තලංගම පොලිස් ස්ථානාධිපති රෝහණ මුණසිංහ මහතාගේ මෙහෙයවීම මත තලංගම පොලිසිය විසින් සිදු කරනු ඇත.

සමන්ති මිරියගල්ල කඩුවෙල සමූහ