අපරාධ මර්දනයට පොලිසිය උඩින් එයි

අපරාධ මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසියට හෙළිකොප්ටරයක්‌ ලබාදීමට රජය තීරණය කර ඇත.පසුගිය රජය සමයේදී මෙම හෙළිකොප්ටර් යෝජනාව ඉදිරිපත් වුවත් එය ක්‍රියාත්මක වූයේ නැත.

පොලිසියට හෙළිකොප්ටරයක්‌ තිබීමෙන් කොල්ලකරුවන් කඩිනමින් කොටු කර ගත හැකි බවට පොලිස්‌ බලධාරීන් විසින් රජයට පෙන්වා දී ඇත.

එසේම රථවාහන තදබදය පිළිබඳව නිරීක්‍ෂණය කිරීමටද පොලිසියට හෙළිකොප්ටරයක්‌ තිබීම පහසුවක්‌ වනු ඇතැයි පැවසේ.