දෙරණේ සහනුත් සියතට

ඉදිරියට ආරම්භ කිරීමට නියමිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ රූපවාහිනී හා ගුවන් විදුලි ජාලයට එකතුකරගන්නට නියමිත බවට කටකතා පැතිර තිබෙන සියත රූපවාහිනී නාලිකාවට දෙරණ රූපවාහීනි ආයතනයේ මුල් නිවේදකයෙකු වූ සහන් අබේසේකරද බඳවාගෙන ඇතැයි වාර්තාවේ. ඒ අනුව ඔහු දෙරණ රූපවාහිනියෙන් ඊයේ ඉවත් වුනා.

ප්‍රකට නිවේදිකාවක හා නිළියක වන පූර්ණිකා පීරිස් (චතුරිකා නැගණිය) සහන්ගේ බිරියයි.

මින් ඉහත හිරු එෆ්එම් නාලිකාවේ ඩීජේ අරා ලෙස ප්‍රකට අරවින්ද ලොකුගේ සහ පැස්බරා ලෙස ප්‍රකට දිස්නා මුණසිංහද එම නාලිකාවෙන් ඉවත්වී සියත එෆ්එම් නාලිකාවට එක්වූ අතර ඉදිරි මාර්තු මාසයේදී ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ගණනාවකින් මෙම ජාලය කලඑළි දකින්නට නියමිතය.