77627ක් උසස් පෙළ ෆේල්

මෙවර උසස් පෙළ විභාගයේදී පාසල් අයැදුම්කරුවන් හැත්තෑහත් දහස් හයසිය විසිහත් දෙනකු විභාගය අසමත් වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි එය ප්‍රතිශතයක් ලෙස 36.64ක් වේ.

ඒ අනුව පාසල් අයැදුම්කරුවන් 2,11,865ක් විභාගය සඳහා මුහුණ දී ඇති අතර සරසවි වරම් ලැබිමට සුදුසුකම් සපුරා ඇත්තේ 1,34,238ක් ප්‍රමාණයකි.

කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව සමත් ප්‍රමාණය 1කින් ඉහළ ගොස් ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2016 උසස් පෙළ විභාගය සඳහා අයැදුම් කර ඇති සියලු අයැදුම්කරුවන් ප්‍රමාණය 2,63,550කි.