ශ්‍රී ලංකාව ලකුණු 282කින් පරාදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 282ක ජයක් වාර්තා කලේය.අද සිය දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකාවට ලබා ගත හැකිවුයේ ලකුණු 224ක් පමණයි.

ඊයේ දිනයේ තරඟය නතර කරන විට ලකුණු 507 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලූ 04 ක් දැවී ලකුණු 130 ක් ලබා සිටියේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 392ක් ලබාගත් අතර දෙවන ඉනිම කඩුලූ 07 ක් දැවී ලකුණු 224 ක් ලබාසිටියදී ඉනිම අත්හිටවනු ලැබීය.

ශ්‍රී ලංකාවට පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 110 ක් පමණයි.