උදාවන සතියේ ඔබේ දෛවය

මේෂ

සඳු හතරවැන්නේත් කුජ එකොලොස්‌වැන්නේත් රවි බුධ නමවැන්නේත් ගමන් කරමින් ආරම්භවන මෙම සතිය ඔබට මිශ්‍රඵලදායක බව පෙනේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකි වේ. කෘෂිකාර්මික කටයුතු වලින් ලාබ ලැබේ. මව්පියන්ට ශුභපලදායකයි. බිරිඳ හෝ සැමියාගේ රැකියා දියුණුවට කටයුතු යෙදේ. උසස්‌ අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක දියුණුවක්‌ ලැබේ. අලුත් හිතමිතුරන් හඳුනාගැනීමට අවස්‌ථාව උදාවේ. හිතේ සැනසීම ඇතිවේ. ආදායම සතුටුදායකයි. සෙනසුරු අටවැන්නේ ගමන් කරන නිසා රැකියා හා ව්‍යාපාර අංශ වල සේවක ගැටළු ඇතිවීමට ද ඉඩ තිබේ. සෙම් රෝග වැනි අසනීප තත්වයන් මතුවිය හැකි බැවින් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට ( සුදු මිශ්‍ර ලා සුබ අංක ( 2 6

වෘෂභ

ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති සිකුරු නමවැන්නේ ද සඳු තුන්වැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක බව පෙනේ. ලිපි ලේඛණ හා ශාස්‌ත්‍රීය කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. ආගම දහමට හිත යොමු වේ. අසල්වාසීන් සමග සුහදතාවය වර්ධනය වේ. උසස්‌ අධ්‍යාපන කටයුතු සතුටින් කරගත හැකි වේ. සියලු කටයුතු උත්සාහයෙන් හා ධෛර්යයෙන් කරගෙන යාමට හැකි වේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් කීපයක්‌ ද යෙදෙනවා ඇත. මේ අතර ඉඩම් හෝ ගෙවල් පිළිබඳව නීතිමය ගැටළුවක්‌ ඇතිවීමට ඉඩ තිබේ. උසස්‌ කෙනෙකු අමනාප විය හැකි බැවින් රැකියා හෝ ව්‍යාපාර වල ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න.

සුබ පාට ( සුදු මිශ්‍ර ලා සුබ අංක ( 2 6

මිථුන

ඔබේ ලග්නාධිපති බුධ සමග රවි හත්වැන්නේ ද සඳු දෙවැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය තරමක්‌ සුබපල දායකයි. ආදායම් සතුටුදායක වේ. පවුලේ දියුණුවට කරන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවේ. තැන්පත් මුදලක්‌ ඇතිකර ගැනීමට ද හැකි වේ. හවුල් ව්‍යාපාර ඇරඹීම සඳහා සුදුසුය. බිරිඳ හෝ සැමියාට සුබයි. දරුවෙකුට අපලයක්‌ පෙන්වයි. ව්‍යාපාර සඳහා මුදල් යෙදවීමේදී දුර දිග බලා කටයුතු කරන්න. පෙම් සබඳතා හා විවාහ යෝජනා වලට බාධා පවති. මව්පියන්ට සුබ පලදායකයි. මිථුන හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විනෝදයට බර වීම නිසා අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැකියි.

සුබ පාට ( සුදු කොල සුබ අංක ( 2 4

කටක

ඔබේ ලග්නාධිපති සඳු ලග්නයේ ද රවි බුධ හයවැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය සුබපලදායකයි. හිතේ සතුට ඇති වේ. උත්සාහය ධෛර්යය වැඩි වේ. ලිපි ලේඛණ හා නිර්මාණාත්මක කටයුතු වලට සුබයි. ව්‍යාපාර හා රැකියා අංශවල කටයුතු ද සතුටින් කරගෙන යාමට හැකි වේ. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. නීතියේ පිහිට ලැබේ. සතුරු කරදරයකින් ජය ගැනීමට ද හැකි වේ. ආදායම් සතුටුදායක වේ. මේ අතර දරුවෙකුට ද අපලයක්‌ පෙන්වයි. බිරිඳ හෝ සැමියා සම`ග තිබු අමනාපකම් දුරු වේ. අධ්‍යාපනයට බාධා වියහැකි අයුරින් උදාසීන බවක්‌ ඇතිවීම නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. වැටීම් තැලීම් වැනි හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට ( සුදු කහ සුබ අංක ( 2 5

සිංහ

ලග්නාධිපති රවි සමග බුධ හයවැන්නේත් සඳු දොළහේත් ගමන්කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායකයි. විදේශගමන් පිළිබඳව තිබූ බාධා ඉවත් වේ. විවාහ සහකරුට තරමක්‌ අපලයි. විවාහ මංගල යෝජනා හෝ පෙම් සබඳතා වලට සුබ නොවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි වේ. ව්‍යාපාර වලින් ලාබ ලැබේ. පෙම් සබඳතා හෝ මංගල යෝජනා වලට තිබු බාධා ඉවත් වේ. දරුවන්ගේ කටයුතු වලින් සතුටට පත්විය හැකි වේ. ලොතරැයි ජයක්‌ ලැබීමට ද ඉඩ තිබේ. සතිය මැද වන විට සිත් තැවුලක්‌ ඇතිවීමට ද කරුණු යෙදෙන බව පෙනේ. හවුල් ව්‍යාපාර වලට බාධා සහිතයි. ආදායම් සතුටුදායක වන අතර තැන්පත් මුදලක්‌ ඇතිකර ගැනීමට ද හැකි වේ.

සුබ පාට දිලෙන සුදු සුබ අංක 1

කන්‍යා

ලග්නාධිපති බුධ සමග රවි හතරේද සඳු එකොළහේද ගමන් කරමින් උදාවන මෙම සතියේ ආදායම් සතුටුදායක වේ. අළුත් මිතුරු මිතුරියන් හඳුනාගැනීමට අවස්‌ථාව උදාවේ. ව්‍යාපාර වලින් ලාභ ලැබේ. සහෝදරයින්ට සුභයි. පවුලේ කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සතුටුවිය හැකියි. කන්‍යා හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගත හැකිවේ. සති අන්තය වන විට විදේශ ගමන් වලට තිබු බාධා ඉවත්වනවා ඇත. විවාහ මංගලයෝජනා හෝ පෙම් සබඳතා ස්‌ථිරවීමට කරුණු යෙදේ. උත්සාහය ධෛර්යය නොඅඩුව පවතින මෙම සතිය ඔබට ඇතිවන බාධා කරදර ජයගැනීම අපහසු නොවනු ඇත.

සුබපාට සුදු මිශ්‍ර ලා සුබ අංක 2 6

තුලා

ලග්නාධිපති සිකුරු හතරවැන්නේ දිග්බලව ද සඳු හා රාහු එකොළොස්‌වැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක බව පෙනේ. රැකියා හා ව්‍යාපාර වලින් සුබ ඵල ලැබේ. කාන්තා පක්‌ෂයෙන් වැඩියෙන් උදව් ලැබෙනවා ඇත. සහෝදරයෙකුගේ විදේශ ගමනක්‌ සාර්ථක වේ. නිවසේ ප්‍රීති උත්සවයක්‌ පැවැත්වීමට හිත යොමුවේ. පවුලේ අය සමග සතුටින් කාලය ගතවේ. වාහන ගනුදෙනු සඳහා සුබයි. දරුවෙකු වෙනුවෙන් අමතර මුදලක්‌ වැය කිරීමට සිදුවේ. නීතිමය ලියකියවිලි අත්සන් කිරීමට සුබ නැකත් යෙදේ. සහෝදරයින් හා සබඳතා අලුත්වේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය වැඩ වලට සුබපලදායකයි. පවුලේ අය සමග සතුටින් කාලය ගතවනවා ඇත.

සුබ පාට සුදු මිශ්‍ර ලා සුබ අංක 2 6

වෘශ්චික

ලග්නාධිපති කුජ සමග කේතු හතරවැන්නේ ද සඳු නමවැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිsය සුබපලදායක බව පෙනේ. පසුගිය දිනවල පැවති ගැටළුවකට විසඳුම් ලැබේ. අසනීප සුව අතට හැරේ. ආගමික කටයුත්තකට සහභාගිවීමට අවස්‌ථාව උදාවේ. රැකියා හා ව්‍යාපාර සාර්ථක වේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. අසල්වාසීන් සමග පවතින සබඳතා වර්ධනය වේ. දරුවෙකුගේ හෝ ශිෂ්‍යයෙකුගේ ජයග්‍රහණයක්‌ ගැන අසන්නට ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. සති අන්තය වන විට සිත් තැවුලක්‌ ඇතිවීමට ද ඉඩ තිබේ. සෙනසුරු දසා ගතකරන අය ආගමික ජීවිතයක්‌ ගත කිරීමට සැලකිලිමත් වන්න.

සුබ පාට සුදු කහ සුබ අංක 2 5

ධනු

ලග්නාධිපති ගුරු දහවැන්නේ ද රවි බුධ ලග්නයේද සඳු අටවැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතියේ නිතර නිවසින් බැහැරව යාමට සිදුවනවා ඇත. ඒ ද දියුණුවට කරන කටයුතු වෙනුවෙනි. රැකියා හා ව්‍යාපාර අංශවලදී අන් අයට නායකත්වය දෙමින් කටයුතු කිරීමට අවස්‌ථාව උදා වනවා ඇත. තනතුරේ හෝ තත්වයේ උසස්‌ වීමක්‌ ලැබීමට ද ඉඩ තිබේ. චිත්ත ධෛර්යය ඉහළ යයි. සහෝදරයින් සමග පවතින සබඳතා අලුත් වේ. විදේශ ගමන් පිළිබඳ කටයුතු වලට තරමක බාධා පවතී. කෙසේ නමුත් වතුරෙන් විපත් ඇති විය හැකි තත්වයක්‌ පෙන්නුම් කරන බැවින් ජල ක්‍රීඩා වලදී ප්‍රවේශම් වන්න. සඳු දශා ගතකරන අය විශේෂයි.

සුබ පාට දිලෙන සුදු කහ සුබ අංක 1 5

මකර

ලග්නාධිපති සෙනසුරු එකොළොස්‌වැන්නේ ද සඳු හත්වැන්නේ ද රවි බුධ දොළොස්‌වැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතියේ අවිවාහක අයට මංගල යෝග උදාවනවා ඇත. අන් අයගේ විවාහ ජීවිතය සතුටුදායක අන්දමින් ගතවේ. ලොතරැයි ජයක්‌ ලැබීමට ද ඉඩ ඇත. සෞන්දර්යය හා කලා අංශවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ප්‍රියසම්භාෂණයකට ද සහභාගි විය හැකිය. විදේශ ගමන් පිළිබඳව කරන කටයුතු වලට නීතිමය ගැටළු ඇතිවිය හැකියි. පවුලේ වියදම් ඉහළ යයි. තැන්පත් මුදලක්‌ පවා වැය කිරීමට සිදුවේ. කතාව නිසා පවුලේ අය අතර අමනාපකම් ඇතිවිය හැකි බැවින් දුර දිග බලා කතා කරන්න. අලුත් මිතුරන් හඳුනාගැනීමට ද අවස්‌ථාව උදාවේ.

සුබ පාට සුදු නිල් සුබ අංක 2 7

කුම්භ

ඔබේ ලග්නාධිපති සෙනසුරු දහවැන්නේ ද, සඳු හයේ ද බුධ එකොළොස්‌වැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායකයි. රැකියා හා ව්‍යාපාර අංශ වලදී සේවක සහයෝගය හොඳින් ලැබෙනවා ඇත. එමෙන්ම උසස්‌ අයගේ ද හිතවත් බව පෙන්වයි. නීතිමය ගැටලුවකට විසඳුම් ලැබේ. උසස්‌ උගත් අය හඳුනාගැනීමට අවස්‌ථාව උදාවේ. මේ අතර සහෝදරයෙකුගේ දියුණුවක්‌ ගැන අසන්නට ලැබේ. රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයට රැකියා අවස්‌ථා උදාවනවා ඇත. විදේශ රැකියා වලට ද සුබයි. විදේශ ගමනක්‌ හෝ දුර ගමනක්‌ යෙදීමට ඉඩ තිබේ. පවුලේ වියදම් වැඩි වීමට ඉඩ තිබේ. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට නිල් සුබ අංක 7

මීන

ලග්නාධිපති ගුරු හත්වැන්නේත් සඳු පස්‌වැන්නේත් රවි බුධ දහවැන්නේත් ගමන් කරමින් උදාවන මෙම සතිය සුබපලදායකයි. දරුවන්ගේ දියුණුව දැක සතුටු විය හැකි වේ. පෙම් සබඳතා හෝ විවාහ යෝජනා ස්‌ථිර වීමට කරුණු යෙදේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. ව්‍යාපාර වලින් සතුටුදායක ආදායමක්‌ ලබේ. විදේශ ගමනක්‌ හෝ පින්කමක්‌ වෙනුවෙන් අමතර මුදලක්‌ වැයවනවා ඇත. ලොතරැයි ජයක්‌ හෝ හදිසි ධනලාභයක්‌ ලැබීමට ඉඩ තිබේ. බිරිඳ හෝ සැමියාට සුබපලදායකයි. කෙසේ නමුත් මෙම සතියේ නිතර නිවසින් බැහැරව යාමට සිදුවනවා ඇත. දියුණුව වෙනුවෙන් කරන කටයුතු වලට උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ.
|
සුබ පාට සුදු කහ සුබ අංක 2 5

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්